රට වටකර සාගරය ඇති ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අස්වැන්න අසුව දශකයට සාපේක්ෂව හයෙන් එකකට ආසන්න ප්‍රමාණයක් දක්වා පහළ බැස ඇති බව හෙළි වී තිබේ.

 වසර තුනකට අධික කාලයක් මෙරට ධීවර ඇමතිවරයකු ලෙස ද කටයුතු කළ තිබෙන වත්මන් පරිසර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 1980 වසරේ ටොන් ලක්ෂ තුනක් වු මෙරට වාර්ෂික මත්ස්‍ය අස්වැන්න 2018 වසර වන විට ටොන් 53,000 දක්වා පහළ ගොස් ඇති බවයි.
 
 පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන පරිදි එයට බලපා තිබෙන ප්‍රධාන හේතුව වන්නේ සාගර ජලයට එකතු වන මයික්‍රො ප්ලාස්ටික් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාමයි.
 
 "අනිත් කාරණය තමයි අපේ රටේ දකුණු දිග පිහිටි සාගරයේ ජලයෙන් පරීක්ෂාවට ලක් කරන ලද ජල සාම්පල 60කින් සියයට 70ක් මයික්‍රො ප්ලාස්ටික් සහිත බව තහවුරු වුනා."
 
 මෙම තත්ත්වය මේ වන විට සාගරයට පමණක් නොව පසටත් පොදු කරුණක් බව අමාත්‍යවරයා හෙළි කර ඇත්තේ වෙරළට ඇතැම් පිරිස් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් වෘත්තියෙන් චිත්‍ර  ශිල්පියෙකු වන ලලිත් සේනානායක විසින් වත්තල  උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට සහභාගි වෙමිනි.
 
අඩි 12ක් උස, අඩි 15ක් දිග එම 'කසල ඇතා' නිර්මාණය කිරීමට අනුග්‍රහය ලබා දී ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ සර්වෝදය රාජ්‍ය නොවන සංවිධානයයි.
 
 
 

Sculpture in the making 768x768

 
සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව පස් වැනි ස්ථානයේ සිටින බවට ඇතැම් ජාත්‍යන්තර සංවිධාන විසින් කරන චෝදනාවට පිළීතුරු දීමට නම් සියලු දෙනාම සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්‍රමාණුකූලව අවම කළ යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර එහිදී සදහන් කර තිබේ.
 
 තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ දික්ඕවිට ධීවර වරයාට එක් වු ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම වෙනුවෙන් ගත් වෙහෙස අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.
 
 "මම ධීවර අමාත්‍යවරයා වශයෙන් වසර තුනක් කටයුතු කළා. දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වෙනවා. ඒ සඳහා මම නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වුවා. එපමණක් නොවෙයි. ධීවරයින් විසින් බහු දින ධීවර යාත්‍රා වලින් ධීවර කටයුතු සඳහා නික්ම යනවිට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළා.”
 
 
 
දුවගේ සංකල්පය:
 
 
 
 
133845435 5566349716739136 6857929891649096766 n 
 
කලා ශිල්පි ලලිත් සේනානායක විසින් කළ  නිර්මාණය අගය කළ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී  ඇත්තේ එම  නිර්මාණයේ අදහස  කලා ශිල්පියාගේ දියණියගේ බවයි.
 
 "එතුමාට මේ අදහස දී තිබෙන්නේ එතුමාගේ කුඩා දියණිය විසින්. අපේ කුඩා දරු පරපුර පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම නම් වැඩිහිටියන් ඔවුන්ට ආදර්ශමත් ලෙස ජීවත් විය යුතුයි. නමුත් අපේ රටේ වැඩිහිටි පරම්පරාව අද අපේ පරිසරයට කරන විනාශය දුටු විට අපි සැබවින්ම ලැජ්ජා විය යුතුයි."
 
 කලා ශිල්පි ලලිත් සේනානායකගේ  නිර්මාණයේ පිළිබිඹුව අමාත්‍යවරයා විග්‍රහ කර ඇත්තේ මිහිතලයේ ඛේදවාචකයක් ලෙසිනි.
 
 "ලලිත් සේනානායක මහතා මේ නිර්මාණය තුළින් කර තිබෙන ප්‍රකාශනය මම දකින්නේ මිහිතලයේ ඛේදවාචකයක් ලෙසයි. අපේ රටේ වන අලින් ගෙන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පොලිතීන් ආහාරයට ගැනීම නිසා මරණයට පත් වෙනවා." යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්