leader s

 අගෝස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙදී 'අපේ ජන බල පක්ෂය'ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිකර ගත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ළඟදීම ආණ්ඩු පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි
 
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඊට අදාළ ලිපිලේඛන  මේවනවිට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදී ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
'අපේ ජන බල පක්ෂය'ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන් අතර මාස ගණනාවක් පුරා පැවති ගැටුම නිරාකරණය කරමින් රතන හිමියන්ට අවස්ථාව ලබාදුන්නේ 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර තිබුනද අපගේ ආරංචිමාර්ග පවසන්නේ, රතන හිමියන් යලි පාර්ලිමේන්තු ගෙන ඒමට බැසිල් රාජපක්ෂ එතරම් උනන්දුවක් දක්වා නොමැති බවයි.
 
අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඒ සඳහා උදව් උපකාර කර ඇත්තේ, මෙරට ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.
 
කෙසේවුවද යළි පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන් ආණ්ඩු පක්ෂයට එක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයින් එතරම් කැමැත්තක් පළකර නොමැත. ඔවුන්ගේ අදහසවී ඇත්තේ රතන හිමි විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහය පළකිරීම ආණ්ඩුවට වඩාත් වාසිදායක විය හැකි බවයි.
 
 
පුජ්‍ය රතන හිමියන්ගේ පිල් මාරුකිරීම් සම්බන්ධයෙන් The Leader TV පුවත් විශේෂාංගය මෙන්න 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්