එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර ඇත.
 
 ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර උප නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට ඇත.
 
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබේ. 
 

 

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුව ඇති හිටපු උප සභාපති රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා, මෙකි නව පත්වීම් වලට විරෝධය පළකරමින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
 
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරුන් ලෙස ඩී එම් ස්වාමිනාදන් සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් පත්කර ගෙන ඇත.
 
මීට අමතරව පක්ෂයේ උප සභාපති තනතුරු තුනක් සඳහා දයා ගමගේ, සාගල රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන අය පත් කර තිබේ.
 
එක්සත් ජාතික පක්ෂයේ අභිනව නියෝජ්‍ය මහ ලේකම්වරයා වන්නේ නාලක කොලොන්නේ ය.
 
එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම් ධුරය හිමිව තිබෙන්නේ අනෝමා ගමගේ හිටපු මන්ත්‍රීවරියටයි.
 
ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පත්කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
නීති ලේකම් තනතුරේ තවදුරටත් කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාරයි.
 
ජාත්‍යන්තර කටයුතු, පළාත් පාලන ආයතන සහ නියෝජිතයින් පිළිබඳ කමිටුවේ ලේකම් ධුරය හිමිව තිබෙන්නේ සන්දිත් සමරසිංහ හටයි.
 
මූල්‍ය කමිටු සභාපති ධුරය ආනන්ද කුලරත්තන හට හිමිව තිබේ.
 
මහලේකම් ධුරයේ කටයුතු කළ ශමල් සෙනරත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බව වාර්තා වේ.
 
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් අද සිදුවී නොමැති අතර රනිල් වික්‍රමසිංහ එම තනතුරේම ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර නියෝජ්‍ය නායකයා වන්නේ හිටපු රුවන් විජේවර්ධනයි.
 
පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය නවින් දිසානායක තවදුරටත් කටයුතු කරනු ඇත.
 
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුව ඇති හිටපු උප සභාපති රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා, මෙකි නව පත්වීම් වලට විරෝධය පළකරමින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
 
 කෙසේවුවද ඔහු සමග එජාප නායකයා හමුවීමට පැමිණ සිටි අර්ජුන රණතුංග හා නවින් දිසානායක හිටපු අමාත්‍යවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්ව ඇතත් සුළු මොහොතකින් පිටව ගිය බවද පැවසේ. 

 

####################

 The Leader TV  

ජනාධිපති ෆෝම් කළ ලේකම්....

 

'මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්