රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් නියම කරන ලද විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්
 
රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ද ? ප්‍රජා අයිතිය අහෝසි වන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් සංවාදයක් ගොඩනැගෙමින් තිබේ.
 
රන්ජන් රාමනායකට වසර හතරක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වීමත් සමගම සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන අතර සමහර සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුට සිර දඬුවම් නියම කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීම හාස්‍යජනක බවයි.
 
 

Tanjan Tw 12

 
 
ඔහුගේ මන්ත්‍රී ආසනයට කුමක් වේදැයි මේ වන විට විවිධ මත පළවන අතර ඒ පිළිබඳව නීති විශේෂඥයන් පවසන්නේ යම් පුද්ගලයකුගේ මන්ත්‍රී ධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවය. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන්වේ.
 
 
 Screen Shot 2021 01 12 at 7.42.52 PM
 
අභියාචනයක් ?
 
 
එනම්,
 
 "යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:
 
 
එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය."
 
 
ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් නිතීඥ තිෂ්‍ය වේරගොඩ කියා සිටියේ, "ආසනය අහිමිවීම සඳහා, මෙම ඡේදයේ වසර දෙකක සිරදඬුවමක් හිමිවිය යුතු වරදකට දඬුවමක් හෝ මරණ දඬුවමක් නියම කළ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමක් බවක් පෙනේ. කෙසේ වෙතත්, කරුණු තරමක් වෙනස් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කරන ලද නඩුවේදී මෙන් එය අභියාචනාධිකරණය විසින් තීරණය කළ යුතු කරුණකි. අභියාචනාධිකරණය අර්ථ නිරූපණය තරම් ඒ තරම් ලිබරල් වේ දැයි බැලීම සිත්ගන්නා කරුණකි," යනුවෙන් කියා සිටියේය.
 
 
"සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතියක් පැනවීමට වරින් වර ඉල්ලීම් කළේ මේ නිසාය."
 
 
 
 
'ප්‍රජා අයිතිය අහිමි වෙන්නේ නෑ'
 
 
මේ අතර නීතිඥ සුරේන් ප්‍රනාන්දු පවසන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි Suren Fanandoකාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බවය.
 
 
"සමහරුන් අදහස් පළ කරන්නේ රන්ජන් රාමනායක ගේ මන්ත්‍රී කම අහෝසි වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය 91 (1) (ඈ) සමඟ කියවා බලන විට එම ව්‍යවස්ථාව අනුව උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විට/ අවුරුදු 4 කට වසරක සිර දඩුවම් නියම වූ මන්ත්‍රීවරයා "නුසුදුස්සකු" වන බැවින් මන්ත්‍රීවරයාට ඔහුගේ ආසනය අහිමි වනු ඇත කියන ස්ථාවරය මත ඉඳල," නිතීඥ සුරේන් ප්‍රනාන්දු පැවසීය.
 
"නමුත් ඡන්දදායකයින් නුසුදුස්සන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ 89 ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවේ 91 (1) (ඈ) ව්‍යවස්ථාවල නුසුදුසුකම් අදාළ වෙන්නේ මැතිවරණයක් අපේක්ෂා කරන අයට සහ / හෝ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම සඳහා."
 
 
 Screen Shot 2021 01 13 at 10.32.16 PM
 
අධිකරණයට අපහාස කිරීම "වසර දෙකකට වඩා අඩු නොවන කාලයක් සඳහා සිර දඬුවම් ලැබිය හැකි වරදක්" බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අර්ථ දක්වා නොමැති බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසීය.
 
"අධිකරණයට අපහාස කිරීම සඳහා සිර දඬුවමක් නියම කිරීම සදහා කාලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර නොමැත. එබැවින් රාමනායක 89 (ඈ) අනුව නුසුදුස්සකු නොවන අතර මන්ත්‍රීවරයකු ලෙස දිගටම කටයුතු කිරීමට හිමිකම් තිබිය යුතුය," යනුවෙන් සුරේන් ප්‍රනාන්දු පැවසීය.
 
 
 
එස් බී දිසානායක
 
 
 
කෙසේ වුවත් තවත් නීති විශාරදයන්ගේ අදහස වී තිබෙන්නේ මෙම තීන්දුවත් සමඟම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවය.
 
ඒ අනුව රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ද යන්න සම්බන්ධයෙන් ද අධිකරණයේ පිහිට පැතීමට සිදුවීමට ද ඉඩ තිබේ.
 
මෙයට පෙර 2004 වසරේ දෙසැම්බර් මාසයේදී හිටපු අමාත්‍ය එස් බී දිසානායක උසාවියට අපහාස කළේ යැයි වසර දෙකකට බරපතල වැඩ සහිතව සිරගත කෙරිණ. 
 
පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, එහිදී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු ලැබුවේ වසර ගණනකට පසු ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් බවය.
 
එහිදී එස් බී දිසානායකගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙමගින් සිදුවූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව තීන්දු කළේය.
 
තීන්දුව පිළිබඳව නීතිවේදී, ආචාර්ය අසංග වැලිකල ට්විටර් ඔස්සේ පළ කළ අදහසක් පහත දැක්වේ.
 
 Screen Shot 2021 01 13 at 10.33.34 PM
 
 
 
පිල්ලෙයාන් නිදහස්
 
 
z p13 Pilleyan
                    සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)
 
 
 
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම පිළිබඳව චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බන්ධනාගාරගත කරනු ලැබීමෙන් දිනකට පසුව මඩකලපුවේ මහාධිකරණය එම නියෝගය කළේ, පිල්ලෙයාන් මන්ත්‍රීවරයා එරෙහි චෝදනා ඉවත්කරගන්නා බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.
 
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, එම තීන්දු විවේචනය කරමින් ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබිණ.
 
 
 Screen Shot 2021 01 13 at 10.33.34 PM
 
''මන්ත්‍රීකම අහෝසි වන්නේ තවත් මාස 6 කින් '' -මැකො සභාපති 
 
 

nimal punchihewa 1280x720

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා
 
 
 
වසර 4ක සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යනුකූලව අහෝසි වන්නේ තවත් මාස 6 කින් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා  පවසයි.
 
'නිව්ස් ෆස්ට්' කළ විමසීමකදී, සභාපතිවරයා පැවසුවේ, වසර 2කට වැඩි කාලයක් දඬුවම් දිය හැකි වරදකට වරදකරුවී මාස 6කට වැඩි කාලයක් බන්ධානාගාරගතව සිටිය හොත් මන්ත්‍රී ධුරයට අහිමිවන බවයි.
 
අත්හිටවූ දඬුවම් සම්බන්ධයෙන් මෙය ආදාළ නොවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
 
සභාපතිවරයා සඳහන් කළේ,  ඒ අනුව මාස 6ක් ගිය පසු  මන්ත්‍රී ධුරය අහිමිවන බවත් පසුව ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගත් පක්ෂයේ අපේකෂකයාට එම අවස්ථාව හිමි වනු ඇති බවත් ය.
 
ඒ අනුව මාස 6ක කාලය තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව තිබේ දැයි, නිව්ස්ෆස්ට්  සභාපතිවරයාගෙන් විමසා සිටියේ ය.
 
ඊට සභාපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.
 
”නෑ.. ඒත් ඒක බන්ධනාගාර හා පාර්ලිමේන්තුව තුළ තියෙන එකක් දඬුවම් නියම කරායින් පස්සෙ දැන් මේක අභියාචනයකුත් නැති නිසා එයා දැන් සිරගත වෙලා ඉන්නෙ එතකොට ඒක නිසා මං හිතන්නෙ නෑ ඒ අය අවස්ථාව සලසා දෙයි කියලා ඔහුට පාර්ලිමේන්තුවට එන්න… නමුත් මන්ත්‍රී ධුරය නිත්‍යනුකූලව අහිමි කරන්න වෙන්නෙ මාස 6කට පස්සෙ”
 
 
 
 
සිව් වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට එම ධුරය හිමි වීමට ඉඩ ඇත. 
 
ඒ පසුගිය වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුමට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවීම නිසාය.
 
එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගි ජනබල වේගයට මන්ත්‍රී ආසන හතරක් හිමිවූ අතර ඉන් දෙවනියට වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමනායක වන අතර අජිත් මාන්නප්පෙරුම පස්වන ස්ථානය හිමිකරගෙන ඇත.
 
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන් හෙයින් ඔහුට මේ පිළිබඳව නැවත විමසීමක් කරන මෙන් ඉල්ලා සිටීමට අවස්ථාව තිබෙන බව ද නීතිඥවරු පෙන්වා දෙති.
 
 
 
'නව නීති අවශ්‍යයි'
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණය ලබාදුන් තීන්දුවත් සමගම අධිකරණයට අපහාස කිරීම පිළිබඳව නීති පැනවීමේ අවශ්‍යතාවය නැවතත් අවධානයට ලක්වෙමින් පවතී.
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්: "රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවරදි නැතත් ඒ සඳහා ලබාදී තිබෙන දඩුවම කිසිසේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුලුමනින් පටහැනියි," යනුවෙන් කියා සිටියේය.
 
 
 
 
"රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවරදි නැතත් ඒ සඳහා ලබාදී තිබෙන දඩුවම 4830332කිසිසේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුලුමනින් පටහැනියි," - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් 
 
 
 
 
 
"මේවන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අන පනත් ඇති කරගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්වයක. එය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය," යනුවෙන් ඔහු පැවසීය.
 
"අඩුම වශයෙන් එස් බී දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඬුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය භුක්ති විඳින හිතුවක්කාරි බලය නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇති කළ යුතුව තිබුණා."
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වැඩිදුරටත් කියා සිටියේ, ටෝනි ප්‍රනාන්දු අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනිසුරු සරත් සිල්වා සහ එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වග උත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කළ අවස්තාවේදී පෙත්සම්කරු පල කළ විරෝධය නොසලකා අගවිසුරු ඇතුළත් විනිසුරු මඬුල්ලක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඬුවමක් ලබා දුන් අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත් බිහිසුනු සිදුවීමක් වූ බවයි.
 
"අධිකරණයට අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිර දඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇතිකරන ආකාරයේ විවේච්නයන්ට පවා නූතනවාදි ලෙස සිතන අධිකරණයන් දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාසයන් ලෙස සලකන්නේ අධිකරණ නියෝගයකට හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වලකන ක්‍රියා කාරකම් වලටය."
 
 
 
(උපුටා ගැනීම් : රංග සිරිලාල් -BBC සිංහල)
 
 
 
 

 
 
 
 

 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්