leader s

 සිංහල ගොවීන්ට බඩ ඉරිඟු ඇතුළු කාසි බෝග වගා කිරීම සඳහා ආණ්ඩුව විසින් පවරා දී තිබෙන දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණකොළ කැවීම සඳහා භාවිත කළ තෘණ භුමි වහාම නිදහස්
කරන ලෙස බලකරමින්  මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
තෛපොංගල් උත්සව දිනයට පසුදා අධික වැසි මධ්‍යයේ මඩකලපුව චිත්තාන්ඩි ග්‍රාමයේ දී දෙමළ කිරි ගොවීන් විරෝධතාවය දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණකොළ කැවීම සඳහා භාවිත කළ මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත්මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල්වලට බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව ගවයන් පාලනය කරන්නන් සහ ගොවීන් අතර ගැටුම් වලට තුඩුදී තිබෙන බවයි.
 
ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ ගවයන් වගා භුමි තුලට ඇතුල් වීමෙන් පසු ගොවීන් විසින් ගවයන් විශාල පිරිසක් මේ වන විටත් මරා දමා තිබෙන බවයි.
 
“කෘෂිකර්මාන්තයට ඉඩම් බෙදා දෙමින් කිරි ගොවින්ගේ තෘණ භුමි ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි දැඩි අවධානය යොමුව ඇති,” බව පසුගිය නොවැම්බර් මාසයේදී පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පවසා තිබුනත් මේ දක්වා ඊට නිසි විසඳුමක් ලබා දීමට ඇය සමත්ව නැති බව පළාත් බද වාර්තාරුවෝ පවසති.
 
බඩඉරිඟු ගොවීන් අතට පත් කොට ඇති ඉඩම් ආපසු කිරි ගොවීන්ට පවරා දෙන ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 2020  නොවැම්බර් 13 වැනි දින පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී කළ ඉල්ලීම ආණ්ඩුකාර වරිය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා සභාවේ උණුසුම් තත්වයක් ද  හටගෙන තිබුනි.
 
 
දෙමළ කිරි ගොවීන්ට පහරදීම්
 
 
වගා භුමි තුලට ගවයන් ඇතුල්  වීමෙන් පසු ඔවුන් සොයා ගිය කිරි ගොවීන් හය දෙනකුට පහර දී පැහැරගෙන ගොස් සගවා ගැනීම සම්බන්ධයෙන්ද පසුගියදා කරදියනාරු හේන් ගොවීන් පිරිසක් වෙත චෝදනා එල්ල වී තිබුනි.
 
 
 
ජනවාරි 10 ඉරිදා කරදියනාරු  පොලීසිය ඉදිරිපිටදී  විරෝධතාවයක් පවත්වමින් කිරි ගොවීන්ගේ පවුල් වල සමීපතමයන් ඉල්ලා තිබුනේ පැහැරගැනීමට ලක් ව සිටින සිය සමීපතමයන් නිදහස් කර දෙන ලෙසයි.
 
විරෝධතාවයෙන් පසු පොලීසියේ මැදිහත්වීම මත කිරි ගොවීන් නිදහස් කිරීමට හේන් ගොවීන් කටයුතු කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
කිරි ගොවීන්ට පහර දීමේ චෝදනාව මත හේන්  ගොවීන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කළ බව මහඔය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක චන්දන වීරසිරි ද මාධ්‍ය වෙත පවසා තිබුනි.
 
පහරකෑමේදී ඇතිවූ තුවාල හේතුවෙන්, කිරි ගොවීන් හය දෙනාට තුන් දිනක් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ගන්නට සිදුවූ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
 

Injured milk farmer

 
ගව පාලනයේ යෙදෙන පාරම්පරික ගොවීන්  විසින්  ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ ගවයන්ට ආහාර සඳහා භාවිත කළ මයිලත්තමඩු තෘණ භූමි නීතිවිරෝධී ලෙස ආක්‍රමණය කිරීමට හේන් ගොවියන්ට ඉඩ ලබා දුන් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් පසුගියදා රජයට චෝදනා කර තිබුනි.
 
"දෛනිකව ස්වභාවික කිරි ලීටර 17,000ක් ලබාදෙන එළදෙනුන් ලක්ෂ දෙකකගේ ආහාර සඳහා වන තෘණ භූමි පිළිබඳව කිසිඳු අවධානයක් යොමු නොකරමින්, වගාවන් සඳහා ඉඩම් අල්ලා ගැනීමට ඉඩ දීම නිසා, පසුගියදා සිදුවූ පහරදීමට රජය සම්පූර්ණයෙන් වගකිව යුතුයි." යනුවෙන්  මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුනි.
 
නීතිවිරෝධී ඉඩම් ආක්‍රමණයකට සුදුසු වාතාවරණයක් සකස් කිරීමෙන්, රජය විසින් ප්‍රජාවන් අතර අසමගිය වර්ධනය කිරීමට කටයුතු කරන බවට TNA මන්ත්‍රීවරයා වැඩි දුරටත් චෝදනා කරයි.
 
 
 
 

 
################
JR කොටුවූ ඉන්දියානු උගුලට ගෝඨාභයත් කොටු වෙයිද?
 

###############

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්