leader s

 
යුද හමුදා සෙන්පතියෙක් සිවිල් නිලධාරීන් පසෙක ලා සන්නද්ධ භටයන් කැටුව සාම්ප්‍රදායික සිරිත් විරිත් නොතකා කටයුතු කිරීමෙන් දෙමළ ජනයාගේ හැඟීම් දැඩි ලෙස රිදවීමේ තවත් සිද්ධියක් උතුරේ අවිචාරවත්
හමුදාකරණ ක්‍රියාවලිය හරහා යලි මතු වී තිබේ.
 
 මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක සිවිල් වැසියන්ට පවරා ඇති රාජකාරියක් ඉටු කිරීම තම අතට ගනිමින් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන එන හින්දු ශාන්ති කර්මයකට ජනවාරි 18  සඳුදා  ඉඩ අහුරා තිබේ.
 
 ප්‍රදේශයට ඇද හැලෙන  අධික වර්ෂාවෙන් මුලතිව් හි සියලු වැව් හා ජලාශ පිරී ඉතිරී ගිය හෙයින් ජනතාවගේ  ආරක්ෂාව සලකා දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ‘මුත්තයියන්කට්ටු කුලම්’ හි වාන් දොරටු විවෘත කර එහි අතිරික්ත ජලය මුදා හැරීම සඳහා ක්‍රියා කළ යුතු ව තිබුනි.
 
මේ  වන තෙක්ම සාම්ප්‍රදායිකව මෙම ජලාශයන්ගේ වාන් දොරටු විවෘත කර අතිරික්ත ජලය මුදා හැරීම සිදු කර ඇත්තේ සිවිල් පරිපාලනය විසිනි.
 
 වාන් දොරටු විවෘත කරන අතරතුර දී සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ලෙස පූජාවක් එම භූමියේදීම පැවැත්වීම සිරිතයි.
 
 
 
 
සාමාන්‍ය පරිදි මෙවර ද වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන් පැමිණ සිටියත්  සමස්ත ක්‍රියාදාමයම මෙහෙයවනු ලැබුවේ සිංහල බෞද්ධ අණ දෙන නිලධාරියකුගේ නායකත්වයෙන් යුත් හමුදාව විසින් බවට  ප්‍රදේශවාසීන් චෝදනා කරති.
 
 
 
ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග නිලධාරීන්ට ප්‍රදේශවාසී ජනයා විසින් සාම්ප්‍රදායික ආශිර්වාද ලබා දීමටත් පෙර හමුදා නිලධාරීන් විසින් වාරිමාර්ග නිලධාරීන්ගේ උපදෙස් ලබාගනිමින් වාන් දොරටු විවෘත කරන අයුරු පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබේ.
 
 

 

හමුදාවල නොසැලකිල්ල නොතකා තම සම්ප්‍රදාය ජීවමානව තබා ගනිමින් යාබද කෝවිලේ පූජකවරයා සහ සිවිල් නිලධාරීන්  පරම්පරා ගතව එන සාම්ප්‍රදායික පූජාව මෙවර පවත්වා ඇත්තේ යුද හමුදාව විසින් ජලාශයේ දොරටු විවෘත කිරීමෙන් පසුවයි.
 
 received 3410826805709912
 
 “ඕනෑ දේටත් එපා දේටත් හමුදාව”
 
 
 
 මේ අත්තනෝමතික පිලිවෙත “ඕනෑ දේටත් එපා දේටත් හමුදාව” යනුවෙන් හෙළා දකිමින් පින්තූර සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය අවුළුවමින් පැතිර යාමත් සමඟ හමුදා භටයන් විසින් එම ස්ථානයේ කර තිබූ හමුදා සැරසිලි ඉවත් කරගෙන තිබේ.
 
 පිරිසිදු කිරීම වැනි සුළු රැකියා ද ඇතුලත්ව සිවිල් කටයුතු යුද හමුදාව විසින් පවරා ගන්නා බැවින් තමනට ලබාගත හැකි රැකියා සහ ජීවනෝපාය අවස්ථා ද අහිමි වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
 එමෙන්ම මෙම අවස්ථාවට ආහාර පාන සැපයීම පවා සිදු කළේ යුද හමුදාව විසින් විනා සාමාන්‍ය වැසියන් නොවන බව ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.
 
 

################

 

 

පොලිස් ඇමතිට එරෙහි පොලිස් පැමිණිල්ලක්
 

 
මංගල මොකාට ද එන්න හදන්නේ? 
 

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්