ඉන්දීයන් තිදෙනකු හා ලාංකිකයකු මහ මුහුදේ මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව පෝක් සමුද්‍ර සන්ධිය දෙපසින්ම චෝදනා නැගෙද්දී ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැඩි විරෝධය දක්වා තිබේ.
 
 
සිව් දෙනකුගේ ජීවිත අහිමි වීම ගැන කම්පාව පලකරන ඉන්දීය විදේශ අමාත්‍යාංශය “මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට සියලු වීරිය දැරිය යුතුය,” යි දැඩි ස්වරයෙන් යුත් නිවේදනයකින් පවසයි.
 
“මේ සම්බන්ධ දැඩි විරෝධය අපේ මහ කොමසාරිස් වරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. නව දිල්ලියේ සිටින වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා වෙත තදබල තානාපති නිවේදනයක් ද කරන ලදී.”
 
 
 
වේග ප්‍රහාරක නෞකාවක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක හප්පා ගිල්ලා දැමූ බවට චෝදනා ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන ලෙස ඉන්දීය ධීවරයන් තමිල්නාඩු ආණ්ඩුවට බලකර තිබේ.
 
 
 
ධීවර සංගම් පවත්වන උද්ඝෝෂණ වලට බේද නොතකා එක්ව සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ලෙස විරෝධය දක්වන ලෙස ඉන්දීය ආණ්ඩුවට බලකර සිටි බව තමිල්නාඩු වාර්තාකරුවෝ පවසති.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව හෙලා දකිමින් දහස් සංඛ්‍යාත ඉන්දීය ධීවරයෝ මියගිය සිව්දෙනාගේ ඥාතීන් ද කැටුව වෙරළබඩ රාමේශ්වරමේ උද්ඝෝෂණ පැවැත්වූහ. 
 
මරුමුවට පත් ධීවරයන්ගේ සිරුරු ආපසු ඉන්දියාවට භාර දෙන ලෙසත් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඔවුහු බලකර සිටියහ.
 
 
 
ලංකාවේ කොමිටි පත් කෙරේ
 
 
 
යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නියෝජිතයකුගේද නිරීක්ෂණය යටතේ යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණ පරීක්ෂණ පවත්වන ලද බව නාවික හමුදාව පවසයි.
 
 කෙසේ වෙතත්, මියගිය සිව් දෙනාගේ අනන්‍යතාව සහතික කරගෙන නැති බව ජනවාරි 21 දා නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
 
රාමේශ්වරම් ධීවර සංගමය විසින් ලබා දී ඇති තොරතුරු අනුව මියගොස් ඇත්තේ මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ය.
 
සෑම් නේසපෙරුමාල් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් බේරී පලාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූවෙකි.
 
ශ්‍රී ලංකාවේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් නොවන තමිල්නාඩු ධීවරයන් ඉල්ලා සිටින්නේ විශ්වසනීය විමර්ශනයක් පැවැත්වීම සඳහා මළ සිරුරු තමිල්නාඩුවට ලබා ගත යුතු බවයි.
 
 
 image 1476468605 0ccab3bfba 620x300 2
 
 
සිදුවූ මරණ “බලාපොරොත්තු නොවූ අනතුරක්” ලෙස හඳුන්වන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කොළඹ මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා තමනුත්, ජනාධිපති වරයාත් කමිටු දෙකක්ම පත් කර ඇති බවයි.
 
 
 
ධීවරයන් සම්බන්ධයෙන් මානුෂික අන්දමින් කටයුතු කළ යුතු බව අවධාරණය කරන ඉන්දීය විදේශ අමාත්‍යාංශය, “මීට අදාලව ආණ්ඩු දෙක අතර අවබෝධතාව දැඩි ලෙස අනුගමනය කළ යුතුයි,” යනුවෙන් දිල්ලියෙන් නිකුත් කළ නිවේදනයකින් කියා සිටී.
 
ඉන්දීය ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව තමීල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය වන ද්‍රාවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය එරට අගමැති වරයාට බලකර සිටී.
 
යුක්ති සහගත ලෙස ප්‍රශ්නය විසඳීමට ඉන්දීය රජය මැදිහත් වන තුරු තමිල්නාඩු වෙරළතීරය දිගේ ධීවර ප්‍රජාවගේ දායකත්වය සහිතව අඛණ්ඩ උද්ඝෝෂණයක් දියත් කරන බව රාමේශ්වරම් ධීවර නායක බෙන්සින්ලාස් ජේසුදාස් JDS වෙබ් අඩවියට පවසා තිබේ.
 
 
 
 
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුල්වීම මැරුම් කෑමට  අපරාධයක් නොවන බව පවසන දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා නීතිමය පියවර ගත යුතු බව අවධාරණය කරයි.
 
 
“ධීවරයන් මරා දැමීම කිසිසේත් අනුමත නොකරන දෙමළ ජාතික සන්ධානය, නාවික හමුදාව සම්බන්ධ මේ සිද්ධිය ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිටියි,” යනුවෙන් TNA ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
 
“එමෙන්ම, ජීවිතය බේරාගනීම සඳහා තම මව්බිමෙන් පලාගොස් ඉන්දීය ධීවරයන් සමග ජීවිකාව පවත්වාගෙන යාමට උත්සාහ දැරූ යාපනයේ පුද්ගලයකු මේ ආකාරයෙන් මියයාම අපේ ජනතාව මුහුණපා සිටින ඉරණම මැනවින් කියාපායි.”
 
 

නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
     
 
 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?

     

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්