leader s

 
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම් අල්ලා ගැනීමට දරනු ලබන වෑයම වැලැක්වීම සඳහා සටන් වැදීමට දෙමළ දේශපාලන එක් පෙරමුණකට පැමිණ සිටී.
 
 
 ඒ වෙනුවෙන් යාපනයේ නල්ලූර් හි තරුණ සංස්කෘතික ශාලාවේ පැවති සාකච්ඡාවට සහභාගී වූ දෙමළ දේශපාලන පක්ෂ නමයක නායකයන් කියා සිටියේ ආරක්ෂක අංශ වලට අමතරව වෙනත් රජයේ ආයතන මෙන්ම පෞද්ගලික කොන්තරාත් කරුවන්ද ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ඉඩම් අත්පත් කරගැනීමේ නිරතව සිටින බවයි.
 
එය වලක්වා ලීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිවිල් සමාජ නායකයන්ද හවුල් කරගෙන ජනතා අදහස් විමසා ඉදිරියේදී පියවර ගන්නා බව නල්ලූර් සාකච්ඡාවෙන් පසු සිංහලෙන් මාධ්‍යවේදීන් ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ ශිවාජිලිංගම් ප්‍රකාශකළේය.
 
ආරක්ෂක අංශ වලට අමතරව වනජීවී, වනසංරක්ෂණ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉඩම් පවරා ගැනීමේ යෙදී සිටින බව ඔහු කියා සිටියේය.
 
කොල්ලකනු ලබන්නේ පුද්ගලික ඉඩම් බව පෙන්වා දෙන දේශපාලන නායකයෝ එමගින් දෙමළ ජනතාව තමන්ගේ භුමියෙන් පලවා සිංහල බෞද්ධයන් පදිංචි කිරීමේ සැලසුමක් පවතින බවට චෝදනා කරති. 
 
“අපි ඉන්නේ එවැනි තත්වයක අද්දර,” යි දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
 
දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පවසන පරිදි කලින් දෙමළ ජනතාව පදිංචි වී සිටි භූමියෙන් සියයට 40 ක් පමණ ආණ්ඩුව විසින් විවිධ උපායෙන් අත්පත් කරගෙන සිටිනවා පමණක් නොව සාගර සම්පතද කොල්ල කමින් සිටී.
 
 
ඇතැම් ස්ථානවල ඉඩම් කොල්ල කෑමට අමතරව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමද ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර විසින් හෙලා දකින ලදී.
 
පුරාවිද්‍යා භූමියක් සංරක්ෂණය කිරීම යනු අලුතින් සිද්ධස්ථාන ඉදි කිරීම නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
 
 
 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ? 
 
 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්