ධීවරයන්ගේ ජීවිත අනතුරේ නොහෙලා ඉන්දු ලංකා ධීවර ගැටලුව විසදා ගැනීමට දෙරටේ ආණ්ඩු ක්‍රියාකළ යුතු බවට උතුරෙන් හා නැගෙනහිරින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
 ශ්‍රී ලංකා සාගර කලාපයේ දී අනපේක්ෂිත ලෙස දිවි අහිමි වු අසල්වැසි රාජ්‍යයේ සහෝදර ධීවරයන් වෙනුවෙන් නැගෙනහිර ධීවර සංවිධාන වල ද බලවත් කණගාටුව ප්‍රකාශ වද්දි, මිය ගිය ධීවරයන් සිව් දෙනාට යාපනය සරසවි සිසුන් ද සිය  ශෝකය පල කර තිබේ.
 
 දියේ ගිලී මිය ගිය ධීවරයන්ගේ සේයා රූ වලට මල් මාලයක් පළදවමින් පහන් දල්වා ශෝකය ප්‍රකාශ කිරීමට   ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ මඩකලපුව ශාඛාව ජනවාරි 27 බදාදා කටයුතු කර තිබුනි.
 
 එහිදී ඔවුන් අවධාරණය කර තිබුනේ මුහුදු සීමා ගැටලුව දෙරටේ ආණ්ඩු මැදිහත් වී කඩිනමින්  විසදා ගත යුතු බවයි.
 
 මහ සයුර මැදදී  දිවි අහිමි වු අසල්වැසි රාජ්‍යයේ ධීවරයන් වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ද ජනවාරි 27 බදාදා සිය ශෝකය පල කොට තිබුනේ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙනි.
 
 විශ්වවිද්‍යාලයේ  ප්‍රධාන මණ්ඩපය ඉදිරිපිටදී මිය ගිය ඉන්දීය ධීවරයන්ගේ සේයා රූ තබමින්  මල් පහන් දල්වා සිය ශෝකය පළ කිරීමට ඔවුන් ද  කටයුතු කර තිබුනි.
 
 
 
IMG 20210127 WA0005

IMG 20210127 WA0009

 
 
ශ්‍රී ලංකා සාගර කලාපයේ දී ජනවාරි 18  සඳුදා රාත්‍රියේ ගිලුණු ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව් දෙනාගේම මළ සිරුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩ ගෙන තිබුනි.
 
 තම සගයන්ගේ වියෝවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමිල්නාඩු ධීවර සංවිධාන චෝදනා කර තිබුනේ  නාවික හමුදාව විසින් මුහුද මැදදී එම යාත්‍රාව හප්පා ගිල්ලන ලද බවයි.
 
 වේග ප්‍රහාරක නෞකාවක වම්පස බඳේ ඉහල තට්ටුව ආසන්නයේ කඩතොළු වීමක් දැක්වෙන ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා තිබුනේ  නීති විරෝධී ලෙස මාළු බෑමේ යෙදී සිටි ට්‍රෝලරයක් හමුදා යාත්‍රාවේ “ගැටීමට සලස්වා පැනයාමට” ගත් උත්සාහයේදී ගිලුණු බවයි.
 
 අනතුරෙන් මිය ගිය  මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ගේ මළ සිරුරු  නාවික හමුදාව ගොඩ ගෙන තිබුනේ දින දෙකක් තුලදී ය.
 
 ඔවුන් අතරින් සෑම් නේසපෙරුමාල් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් බේරී පලාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූවෙකි.
 

 
 
 
 
 
 
 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 
 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්