නැගෙනහිර සිට උතුර දක්වා සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාවකට එරෙහිව අධිකරණය විසින් පනවනු ලැබූ තහනම් නියෝගයක් දෙමළ මාධ්‍යවේදියකුටද බාර දී තිබේ.
 
 
එම තහනම් නියෝගය පොලිසිය විසින් මඩකලපුවේදී භාරදෙන්නට ගිය අවස්ථාවේ මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් විසින් අසන ලද ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරක් දෙන්නට පොලිසිය සමත් වී නැත.
 
“මම මාධ්‍යවේදියෙක්, මං දන්නේ නෑ මට මොකටද කෝට් ඕඩර් බෙදන්නේ?”
 
පොලිසිය විසින් පවසා ඇත්තේ ඉහලින් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරන බවයි.
 
අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබූ පාද යාත්‍රාව  වාර්තා කරන්නට සූදානම් වී සිටි ශෂිකරන් මාධ්‍යවේදියාට තහංචියක් පැනවීම මාධ්‍ය නිදහස අහුරා ලන්නට ගන්නා ලද තවත් උත්සාහයක් බවට ප්‍රදේශවාසීහු බිය පළකරති.
 
 
 
දෙමළ ජනතාව විසින් සංවිධානය කරන ලද කළු පටි විරෝධයට සමගාමීව අම්පාර දිස්ත්‍රීක්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 දා ආරම්භ වීමට නියමිත තුන් දින පාද යාත්‍රාව යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම කරන්නට සංවිධායකයන් කටයුතු යොදා තිබුණි.
 
තහනම පනවා තිබුනේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත්වරයා විසිනි.
 
“මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වමින් ජිනීවා සැසිවාරය පැවැත්වෙන අවස්ථාවේ, කොරෝනා වසංගතය වේගයෙන් පැතිරෙමින් තිබියදී, ආගමික පදනමින් ප්‍රජාව බෙදා වෙන්කෙරෙන විරෝධතාවක් සංවිධානය කිරීමට දෙමළ ජාතික සන්ධානය තවත් පුද්ගලයන් හා එක්ව කටයුතු යොදා ඇති බව කලුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති විසින් අධිකරණයට ලබාදුන් වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත,” යි අධිකරණ නියෝගයේ සඳහන් වේ.
 
මාසයක් තිස්සේ පැවැත්වෙන මීළඟ ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 22 දාය.
 
 
 
ශෂිකරන් මාධ්‍යවේදියාට අමතරව ඒ හා සමාන තහනම් නියෝග ශානක්‍යන් රාසපුත්‍රම් සහ ගෝවින්දන් කරුණාකරන් යන TNA මන්ත්‍රීවරුන්ටත් බාර දී ඇතැයි පළාත්වාසී මාධ්‍යවේදීහු පවසති.
 
මේ අතර, TNA ප්‍රකාශක එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා වවුනියාවේ දී මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ තම පක්ෂය රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරමින් උතුරු නැගෙනහිර විරෝධතාවට සහභාගි වන බවයි. 
 

 
 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්