අපේ රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලැබුණු පමණින් ගැටලු විසඳිය නොහැකි බවත් ඒ සඳහා ස්ථානගතව, තාර්කිකව පැහැදිලිව සැලසුම් සහගතව වැඩ කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි. 
 
 පසුගිය කාලයේ තුනෙන් දෙකේ බලය ලැබුණු අවස්ථා පිළිබඳව සිය අවධානය යොමු කළ අලි සබ්රි, බොහෝ අවස්තාවලදී නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙයි. 
 
තුනෙන් දෙක ලබාගත් හැම රජයක්ම වාගේ බැලු බැල්මට ඇනගත් බව ඔහුගේ අදහසයි. 
 
ඒ යථාර්තයට තම රජයද මුහුණ දිය යුතු බව ඔහුගේ මතයයි.
 
 මෙම බලය කළමනාකරණය කළ යුතු බවත්, අවසානයේ ජනතාවට මුහුණ දිය යුතු බවත් ඔහු තවදුරටත් පවසයි.
 
 ඔහු එම කාරණා සඳහන් කළේ, වයස අවුරුදු 16 ක තරුණයකු ප්‍රමුඛ තරුණ කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇති  මාධ්‍ය ව්‍යවසායකත්වයක් විසින් අලුතින් ආරම්භ කළ 'රළ' මාධ්‍ය අවකාශයේ,  'Vරළ' ආරම්භක වැඩසටහනට සම්බන්ධ වෙමිනි.
 
 ජනාධිපතිවරයා වටා බලය කේන්ද්‍රීය වීම ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව මෙහිදී අවධාරණය කළ අධිකරණ අමාත්‍යවරයා, විධායක ජනාධිපති බලය යටතේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීමට විවිධ ආරක්ෂණ ක්‍රම ඇති බව සඳහන් කළේය.
 
 
 
'ජනාධිපතිව අධිකරණයේ ප්‍රශ්න කරන්න පුළුවන්'
 
 
 
ජනාධිපතිවරයාගේ සමහර තීන්දු ප්‍රශ්න කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බවත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි බවත් අධිකරණ ඇමතිවරයා පවසයි.  
 
එවැනි බලයක් නොමැතිව පාර්ලිමේන්තුව යොදා ගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක 1975 සිට 1977 බලය දීර්ඝ කිරීම මෙන්ම 1978 දී ජේ.ආර්, ජයවර්ධන අගමැතිවරයා ව්‍යවස්ථාව වෙනස් කරමින් විධායක ජනාධිපති වූ අවස්ථා ඔහු සිහිපත් කළේය.
 
 මෙම සාකච්ජාව මෙහෙයවුයේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටී කථිකාචාර්ය දිලාන්ත විතානගේ විසිනි.
 
රටේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට ජනතාව දැනුවත් කොට ඔවුන්ව පෙළගැස්වීමේ අරමුණින් සාධනීය මාධ්‍යකාරණයක් (Constructive Journalism) ප්‍රවර්ධනය කිරීම රළ' මාධ්‍ය අවකාශයේ අපේක්ෂාවයි. 
 

The Leader TV  

 

රෝයල් ප්‍රින්සිපල් එලවන්න ආනන්ද හිමියන්ට ගතු කියපු පොහොට්ටු ලේකම්ට වෙච්ච දේ!


වෛද්‍ය ගයාන් නිදහස්, සියුමැලි තැනක සැතපුනාවේ..

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්