69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු දවසින් දවස සුන්වෙමින් පවතින බැවින්, ඊට එරෙහිව දේශ‍ය රැකගන්නා වෘත්‍තිකයින්ගේ එකමුතුවක් ලෙස 'වියතුන්ගේ හඬ' යළි සංවිධානගතව ක්‍රියාත්මක වීමට තීරණය කල
 
බව එහි සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මහාචර්‍ය විමලධර්ම අභයවික්‍රම ජනතාව වෙත දැනුම් දී සිටියි.
 
එම සංවිධානය එවැනි තීරණයකට එළඹ ඇත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශාර්මිලා ගෝනවල ගේ නිවසට පසුගියදා රැස්වූ  'වියතුන්ගේ හඬ' සංවිධානයේ ප්‍රධානීන්ගේ රැස්වීමකදීය .WhatsApp Image 2021 02 04 at 3.06.39 PM
 
2015 වසරේ පිහිටුවන ලද “වියතුන්ගේ හඬ” නම් වූ සංවිධානය ගොඩනගන්නේ, රටේ දේශපාලනය නිවැරදි මඟක ගෙන යාමේ අරමුණින් විවිධ ක්ෂේත්‍රයන්හි වියතුන්ගෙන් සමන්විත පීඩක සංවිධානයක (Pressure Organization) අවශ්‍යතාවයේ හිඩැස පිරවීමේ පරම අරමුණ ඇතිවය. 
 
පසුව බිහිවූ, 'වියත්මඟ' නම් වූ සංවිධානය 'වියතුන්ගේ හඬ' සංවිධානයෙන් බිඳී ගොස් බිහිවූ සංවිධානයකි. 
 
 
 
 
වියත්මග ආරම්භය : නිදහස් දිනක 
 
'වියත්මග' යනු ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කර ඔහුව බලයට ගෙන ඒමේ දේශපාලන අරමුණ පෙරදැරිව ගොඩනැඟූ සංවිධානයකි. 
 
 
 VIyathmaga 04.02
නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්
 
 
වියත්මග සංවිධානයේ නායකත්වය හා සභාපතිත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීම සිදුවුයේ 2016 පෙබරවාරි 4 නිදහස් දිනය දාය. 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.
 
මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටි එම අවස්ථාව සනිටුහන් කරමින් 'වියත්මග' ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ගනු සමුහ ජායරුපයක් ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඔහුගේ FB පිටුවේ පළකර ඇත්තේ, ''වියත්මග ආරම්භක සාමාජිකයන් 12 දෙනා සමග කියාය.
 
ජායාරුපයේ දැක්වෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමග එම අවස්ථාවට එක්වූ 12 දෙනා මෙසේය.
 
මහින්ද රාජපක්ෂ
මනෝරි උනම්බුව
නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
දමිත වික්‍රමසිංහ
සඳමාලි ඒකනායක
ආචාර්ය නාලක ගොඩහේවා
මහාචාර්ය ජනිතා ලියනගේ
රියල් අද්මිරාල් සරත් වීරසේකර
දෙවලොචන රණසිංහ
ඉන්දික ලියනහේවගේ
තෙෂාර ජයසිංහ
නිවන්ත ප්‍රනාන්දු  
 
 
මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අනුරාධා යහම්පත්, ශාමිලා ගෝනවල, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ද මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ලෙස සැලකේ.
 
 
 වියත්මඟ එදා ගත් මඟ අදූරදර්ශී මඟක් !
 
 
වියත්මඟ එදා ගත් මඟ අදූරදර්ශී මඟක්ම බව දැන්, දැන් කාට, කාටත් පසක් වෙමින් පවතින බව “වියතුන්ගේ හඬ” සංවිධානයේ අදහස වී තිබේ. 
 
එමඟින් යළි යළිත් විශද වන්නේ දේශපාලන වශයෙන් පුද්ගලයකු, කණ්ඩායමක් හෝ පක්ෂයක් බලයට ගෙන ඒමේ අරමුණින් බිහිවන සංවිධාන අවසානයේ මුහුණ දෙන ඛේදනීය අවසානයම වන අතර දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවූ ශක්තිමත් පීඩක සංවිධානයක පරම අවශ්‍යතාවයම නොවේද? කියා මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම ප්‍රශ්න කරයි.
 
වෘත්තිකයන්ගේ සංවිධානයක්වූ "වියතුගේ හඩ" දේශපාලන නායකත්වයකින් නොව වෘත්තික මණ්ඩලයක නායකත්වයකින් මෙහෙවිය යුතුය යන්න එදා මෙන්ම අදත් එහි ආරම්භක සමාජිකයින්ගේ ස්ථාවරය බව ඔහු අවධාරණය කර සිටියි.
 
මෙවැනි සංකල්පයකින් යුත් තම සංවිධානය,  තමන් විසින් බලයට පත්කල වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බොහෝ පරිසර විනාශයන්, දේශීය  සම්පත් රැකීමට මුල් තැන නොදීම, එකම රටක් එකම නීතියක් හරිහැටි ක්‍රියාත්මක නොවීම, බිඳ වැටෙමින් තිබෙන නීතියේ ආධිපත්‍යය, පාලන මිලක් නොමැති අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, අත්තනෝමතිකව ඉදිරිපත්වන කැබිනට් පත්‍රිකා ආදියට එරෙහිව ඉදිරියේදී ප්‍රසිද්ධියේ පෙනී සිටින බවට සහතික වේ.
 
මෙවැනි වටපිටාවක් තුල දේශ‍ය රැකගන්නා වෘත්‍තිකයින්ගේ එකමුතුවක් ලෙස 'වියතුන්ගේ හඬ' සැදි පැහැදී යළි පෙරට එන බවට තීරණය කර ඇති බව එහි සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මහාචර්‍ය විමලධර්ම අභයවික්‍රම ජනතාව වෙත දැනුම් දී සිටියි.
 
'වියතුන්ගේ හඬ' සංවිධානයේ ක්‍රියාකාරීන් සියලු දෙනාම පාහේ 'මහින්දවාදීන්' වීම සුවිශේෂී කාරණයකි.
 
 
##############

The Leader TV  

 

රෝයල් ප්‍රින්සිපල් එලවන්න ආනන්ද හිමියන්ට ගතු කියපු පොහොට්ටු ලේකම්ට වෙච්ච දේ!


වෛද්‍ය ගයාන් නිදහස්, සියුමැලි තැනක සැතපුනාවේ..

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්