කුමන විවේචන එල්ල වුවත් තමා කටයුතු කරන්නේ තමාගේ ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියි.
තමන් ජනාධිපති වුයේ මාධ්‍ය සංදර්ශන පවත්වා නොවන බව ද ඔහු පවසයි.
 
ජනාධිපතිවරයා එබව සඳහන් කර සිටියේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් අද පැවති 'ගම සමග පිළිසඳරක්' 09 වන වැඩසටහනට එක්වෙමිනි.
 
 
 
"දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නැහැ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. 
 
මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා.
 
 අපි බලයේ ඉන්නකොට ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා.
 
මම නගර සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා විදිහට කටයුතු කරන කොට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නගර අලංකරණය සම්බන්ධයෙන් මම වැඩකලා. අද නිදහස් චතුරශ්‍රය තියෙන විදිහ එදා එතන තිබුණු විදිහ ගැන කාටවත් මතක් නැහැ. අද උද්‍යාන හදලා, ඇවිදින මංතීරු හදලා මම ඒ ස්ථාන සංවර්ධනය කළා. 
 
ඒ පාරේ වවලා තිබුණේ විදේශ රටකින් ගෙනාපු ගස්. මම ඒවා අයින් කරා. ඒ ස්ථානවල මම නාගස් වවන්න උපදෙස් දුන්නා. අද බලන්න ඒ ගස් කොහොමද තියෙන්නේ කියලා. ගස් කැපුවා කියලත් මාව විවේචනය කළා. කාට වුනත් විවේචන කරන්න පුළුවන්. '
 
මම අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් විදිහට ඉදලවත් නෙමෙයි ජනාධිපතිවරයා ලෙස පත්වුණේ. 
 
ගොඩක් අය අහනවා මගෙන් ඇයි ගමට යන්නේ, නිලධාරීන් ලවා ගමේ තියෙන ප්‍රශ්න ගැන දැනගන්න පුළුවන් නේද කියලා. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ." ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. 
 
 
 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්