පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති  පාලන මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම සදහා වන එකතගාවයක් වෙළද අමාත්‍යවරයා හා  
ව්‍යාපාරිකයින්   පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධි ක්‍රියාවක් බව 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' පවසයි.
 
එම සංවිධානයේ සභාපති, රංජිත් විතානගේ අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කාරණය අවධාරණය කර සිටියේය. 
 
පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. 
 
අමත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි  කරනු ලබන මිල රුපියල් 99.00 කි.
 
 මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමක් බව රංජිත් විතානගේ පවසයි.
 
සහල් සදහා ද පාලන මිලක් නියම කර ඇත. 
 
ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමාත්‍යවරයා විසින් සිදු කිරීම බරපතල දූෂණයක් බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
 
 මෙම දූෂණයට එරෙහිව තම සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක්  ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවද 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' පවසයි.
 
 
 
 
භාණ්ඩ මිල පාලනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියා මගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' හෙලා දකි.
 
 
 
 
භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සදහා මෙසේ ව්‍යාපාරිකයින් අතර එකගතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27 ට පාලන මිලක් පනවා ඇති භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිල පාලනය කිරීම සදහා වෙළද අමාත්‍යවරයාට ඇති නොහැකියාම මනාව පෙන්නුම් කරන්නක් බවද එම සංවිධානය පෙන්වා දෙයි.
 
මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළද සැළකින්ම සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි. 
 
 
 
අද සිට ස්ථාවර මිළ යටතේ භාණ්ඩ 27 ක්
 
 
 
ස්ථාවර මිළ ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් අද(08) සිට පාරිභෝගික ජනතාවට මිළ දී ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කරයි.
 
මෙම භාණ්ඩ සතොස ,සමූපකාර සහ කියූ ‍ෂොප් අලෙවිසැල් හරහා මිළ දී ගත හැකිය.
 
ඉදිරි මාස 03 සඳහා මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ස්ථායීකරණය යටතේ මිළ දී ගත හැකි බව ද සඳහන් වෙයි.
 
 
 

Attachment 01 price list

 
 

 

The Leader TV  

 

 තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්