leader s

“අපේ දේශපාලනය රැඳී තිබෙන්නේ ප්‍රජා අයිතිය කියන කඩදාසි කොළය මත නොවෙයි.

නමුත් අවනීතික ව, අවිචාරවත්ව, දූෂිතව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දරන උත්සාහය සහතික ලෙස පරාජයට පත් කරනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කර සිටියි.

 
කැකිල්ලේ කොමිසම් වාර්තාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින්  හයිඩ් පිටියේ ඊයේ (18) සංවිධානය කර තිබූ රැලියේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
 
 
'කොමිසමේ සභාපති දුෂිතයෙක්'
 
“රටේ පරිසරය, බඩුමිල ආර්ථිකය, වංචා දූෂණ, ජාතික සම්පත් විකිණීම ආදී ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීම පැත්තක තබා ගෝටාබය රාජපක්ෂගේ ලොකුම උත්සාහය තමන්ගේ සහ තමන්ගේ මිතුරන්ගේ නඩු ටික අයින් කරගැනීම. 
 
ඒකට කොමිසමක් දැම්මා. කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ දූෂණ ගැන පොත්වල පිටු ගණන් ලියැවී තිබෙනවා. ඔහු අධිකරණයේ දූෂිතයෙක් බව ඒවායේ කියා තිබෙනවා. 
 
ඔහු අගතියට පත් පාර්ශවයට ඇහුම්කන් නොදී තම හිතවතුන්ට ඕන විදිහට නඩු ලියපු කෙනෙක්. 
 
අභියාචනාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් සහිත කමිටුවකින් ඔහු දූෂිතයෙක් බව තීරණය කළා. අධිකරණ සේවා කොමිසම ඔහුව අනිවාර්ය නිවාඩු යවා විශ්‍රාම ගැන්වූවා.
 
 කොමිසමේ ඊලග සාමාජිකයා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් මූලික අයිතිවාසිකම් නඩුවක වැරදිකාරයෙක්. එම වරදට ඔහුගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන්න සිදු වුණා. 
 
මෙවැනි දූෂිතයන්ගෙන් සමන්විත ඔය කොමිසමට අපේ පැමිණිළි විභාග කරන්න තබා අපව කැඳවන්න වත් සදාචාරාත්මක අයිතියක් නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
වලස්මුල්ල නයිගල රාජමහා විහාරාධිපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, නීතිඥ නාමල් රාජපක්ෂ, සරෝජා සාවිත්‍රි පෝල් රාජ්, මහාචාර්ය විජය කුමාර්, එක්සත් වාමාංශික බලවේගයේ මහින්ද රත්නායක, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අයද රැස්වීම අමතන ලදී.

 

PMD 2021.02.19 2

PMD 2021.02.19 3

PMD 2021.02.19 4

  


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්