පසු ගිය සති කිහිපය තුල දීර්ග කාලයක් ඇදෙමින් තිබු අපරාධ පරීක්ෂණ කිහිපයක චූදිතයින්ට අධිචෝදනා ගොනු කරමින් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදු වූ අපරාධ හා සිද්ධි කිහිපයකට අදාළ වැදගත් නඩු කිහිපයක් සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු පත් කිරීමට යෝජනා කරමින් නව නීතිපති දප්පුල ද ලිවේරා තමා යුක්තිය උදෙසා සටන් වදින බව රඟ දැක්වීමක් සිදු කරමින් ඇත.
නමුත් ඔහු අධිචෝදනා ගොනු කරන ආකාරයත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කරන ආකාරයත් දෙස බලන විට පෙනී යන්නේ ඔහු ජනාධිපති සිරිසේනට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරනවා නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ න්‍යාය පත්‍රය වෙනුවෙන් වැඩකරන බවයි.
විශ්වාසදායක ආරංචි මාර්ග අනුව FICD, CID විසින් පරීක්ෂණ නිම කල ලිපිගොනු 100 (උදාහරණයක් ලෙස සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ හා තවත් පොහොට්ටුව සාමාජිකයන්ට එරෙහිව ඇති මුදල් විශුද්දීකරන නඩු) පමණ නීතිපති දෙපාර්තමේන්තුව තුල තිබෙන නමුත් ඒවාට නිසි ක්‍රියාමාර්ග නොගෙන නීතිපති විසින් තවමත් නිම කර නැති පරීක්ෂණ ලිපි ගොනු තමා වෙත ලබා දෙන මෙන් CID යට බලකරමින් සිටින බවයි. (උදාහරණ ලෙස ලසන්ත වික්‍රමතුංග ඝාතනය,ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වීම, කීත් නොයා පැහැරගෙන යාම)
ගෝඨාභයට නඩු වලින් බේරීමට උපකාර කරලා
මෙම පරීක්ෂණ නිම කිරීමට ඉඩ නොදී නීතිපති විසින් මෙම නඩු වල චූදිතයින් ලෙස නම් කල කනිෂ්ට නිලධාරීන් සදහා අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කල ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම නඩු වලින් බේරීමට උපකාර කර ඇත.
එපමනක් නොව CID නිලධාරීන්ගේ දැඩි විරෝධය පසෙකලා ට්‍රිපොලි කඳවුරේ සේවය කල හා මාධ්‍ය වේදීන්ට එල්ල කල ප්‍රහාර වලට සම්බන්ද ලලිත් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සුදානම පිළිබඳව නීතිපති ඉතා වැදගත් හා රහස්‍ය තොරතුරු සමාජයට හා ජනමාධ්‍යට මුදාහැරීමට කටයුතු කල ඇති අතර එමඟින් එම නිලධාරීන් ගේ ආරක්ෂාවට හානියක් මෙන්ම රාජපක්ෂට පෙරසුදානම් වීමට හැකි වන ලෙස කටයුතු කර ඇත.
රාජපක්ෂ අත්අඩංගුවට ගත් පසු CID ඔහු රිමාන්ඩ් භාරයේ තබාගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්දව දෝෂාරෝපණය කර ඇත්තේ මෙය පහරදීමක් සම්බන්ද පැමිණිල්ලක් පමණක් බව පවසමිනි.
නීතිපති එපමණක් නොව රාජපක්ෂ කීත් නොයාර සිද්ධියේ චූදිතයෙක් ලෙස නම් කරනු ඇති බව මාධ්‍යට හෙළි කල අතර CID ඔහුව ප්‍රශ්න කිරීමට ප්‍රථම විත්තියේ නීතිඥයාට රාජපක්ෂට එරෙහි චෝදනා වැනි ඔහුට සුදානම වීමට ඉවහල් වන තොරතුරු හෙළි කර ඇත.
තවද ශ්‍රේෂටාධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති D .A රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා සම්බන්ද නඩුවේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා සංශෝධනය කිරීමට අවශ්‍ය බව පවසමින් නඩුව තවත් කල් යාමට උපකාර කර ඇත.
එපමනක් නොව නීතිපති වරයා විසින් රතුපස්වල හා වැලිකඩ ඝාතන සිද්ධි සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කල නමුත් මෙම සිද්ධි වලට ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ හෙන්චයියන්ගේ සම්බන්දය අමතකව ගොස් ඇත. නමුත් ඔවුන්ට පලා යාමට උපකාර කර නීතිපති කනිෂ්ට නිලධාරීන් සදහා අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇත.






