සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය
කර සිටිති.
 
උන්වහන්සේ මේ බව කියාසිටියේ, කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද (20) හදිසියේ පැමිණි අවස්ථාවේ දීය.
 
උන්වහන්සේගේ පැමිණිම සැලවු ප්‍රදේශවාසින් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මඟ දෙපස රැස්ව සිටියේය. 
 
“අපිට ඕනේ සාධාරණය. රජය නිහඬ ඇයි? තවත් කමිටු පත්කරන්න එපා. අපේ දරුවෝ දෙමව්පියෝ ගොඩාක් මැරිලා තියෙන්නේ. අපි ඔබ වහන්සේ සමඟ ඉන්නවා. ඔබ වහන්සේව තනි කරන්නේ නෑ. ඔබ වහන්සේ කාටත් බියවෙන්න එපා. සත්‍යය කතා කරන්න. මේ රජය කරන බොරුව අනිවාර්යෙන්ම මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. අපි තාමත් අඬනවා.“ යනුවෙන් ජනතාව පැවසීය.
 
එයට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් පවසා සිටියේ, “ඔයාලා විතරක් නෙමෙයි අපිත් අඬනවා. එහෙම කිසිම අසාධාරණයක් කරන්න ඉඩ තියෙන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. 
 
 
 
නමුත් කමිටු දාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ. “
 
 
 
ප්‍රශ්නය - 
මේකේ විසඳුම් ලැබුණේ නැතිනම් මොකද්ද හිමියනි ඊළඟ පියවර? 
 
“අපි කිව්වා නේ අපි ජාත්‍යන්තරයට යනවා. “
 
ප්‍රශ්නය - 
ඔබ වහන්සේ වතිකානුවේ පාප් වහන්සේව දැනුවත් කරලා තියෙනවා ද මේ සම්බන්ධයෙන් ?
 
“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“
 
අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාව සමඟ සාකච්ඡාවක නිරත විය.
 
 
 
 
“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.
 
ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“
 
 

 
 
 
 'O /L ෆේල්' අලුත් කමිටුව ?
 
 
එසේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ දැඩි විරෝධයක් එල්ල වුයේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා අලුත් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙනි.
 
කොමිසමේ වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර ඇත.
 
අමාත්‍ය චමල් රාජපක්ෂ කමිටු සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති. 
 
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලැබේ.
 
කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර පත්කර තිබේ.
 
කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.
 
 
#######################

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්