පෞද්ගලික වී මෝල් හිමියන් රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගන්නා බැවින් ගොවීන් රජයට වී ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී පොහොර සහනාධාරය නොලැබෙනු ඇතැයි
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
 
ඔහු එබව පැවසුයේ, ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.
 
“මේ රටේ වී ගොවියෝ ඉන්නේ ලක්ෂ 41,923 යි. මේකෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි. එහෙම ගොවීන් ඉන්නේ 266,291කයි. ඒ කියන්නේ 27%යි. 73%කට පොහොර සහනාධාරය, රක්ෂණය සහ රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. 
 
හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි අපි වී කිලෝ 1000ක් ලබා දෙන්න කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලෙන් ගොවියා ඉවත් වුණොත් පොහොර සහනාධාරය අහිමිවෙයි. 
 
අපි 50ක සහතික මිල කරපු ගමන් සහල් මාෆියාවට සම්බන්ධ අය ගිහින් 54ට මිලදී ගන්නවා. මේ ටික අරගෙන නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යනවා, ඒ නිසා හාල් 125ට දෙන්න ඕනේ කියලා ආණ්ඩුවට බලකරනවා. එහෙම කරලා බිලියන ගාණක වංචාවක් කරනවා. 
 
 
සමස්ත ගොවියන්ගේ 73%කට පොහොර සහනාධාරය ඒ විදියට ලැබෙනවා. ඉතිරි 27%ත් මේ විදියට කිලෝ 1000ක් දුන්නොත් ලැබෙනවා. සමහර විට 1-2% කට පොහොර සහනාධාරය නොලැබෙයි. මේ දෙකටම ගොවියා ලැස්ති නැතිනම් ආණ්ඩුවට පාලන මිලෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ වී කිලෝව රුපියල් 25ට බහිනවා.” යයි ද ඇමතිවරයා පැවසීය.
 
 
 
රජය වී මිල දී ගන්න මිලියන 23,000ක් :
 
 
 
2021 වසර සඳහා වී මිල දී ගැනීමට රජය විසින් මිලියන විසිතුන්දහසක් වෙන්කර ඇති බව කෘෂිකර්ම ඇමැතිවරයා  මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
 
ඉතිහාසයේ වී මිලදීගැනීමක් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මෙම වසරේ බවත් මීට පෙර රජය වී මිලදී ගැනීමට කරන ලද වියදම් සමඟ සැසඳීමේදී එය විශාල අගයක් බවත් හෙතෙම පැවසුවේය. 
 
ඒ අනුව 2016 වර්ෂය සඳහා මිලදී ගැනීමට ආණ්ඩුව විසින් මිලියන 6600ක්ද 2018 වසර සඳහා මිලියන 280ක්ද 2019 වර්ෂය සඳහා මිලියන 2028ක්ද 2020 වර්ෂය සඳහා මිලියන 1524ක්ද පමණක් වැය කර තිබූ අතර, 2017 වර්ෂයේදී වී මිලදී ගැනීම සඳහා කිසිදු මුදලක් වැය කර නොමැති බවත් ඔහු පැවසිය. 
 
රජය විසින් වී සංචිත ලබා ගැනීමේ මූලික අරමුණ ගොවියාත් පාරිභෝගිකයාත් සහල් මාෆියාවෙන් ගලවාගැනීම බව ඔහු  අවධාරණය කළේය.

 


 

 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්