The Leader News
BREAKING
Top Ad
පුවත්

විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ලක්ෂ 61 ක්, කප්පම් ගත් තරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට

T

The Leader Desk

May 18, 2026 • 10:50 AM

විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ලක්ෂ 61 ක්, කප්පම් ගත් තරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලෙස අත් අඩංගුවට ගත් යුවළ මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් බවත් කාන්තාව 23 හැවිරිදි වියේ පසුවන බවත් පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන බවත් දෙදෙනා එක්ව මෙම කප්පම් ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවා ඇති බවත් පොලීසිය පවසයි.
  • සිද්ධියට සම්බන්ධ සැකකාරිය විශේෂඥ වෛද්‍ය වරයා⁣ සේවය කල චැනල් සෙන්ටර් හී සාත්තු සේවිකාවක් ලෙස සේවය කර ඇති බවත් පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ .
  • පැමිණිළිකාර වෛද්‍ය වරයාට බලපෑම් කර තවත් රුපියල් ලක්ෂ 81 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගන්නට උත්සාහ දැරූ අවස්ථාවේ වෛද්‍ය වරයා සිද්ධිය පොලීසියට පැමිණිළි කර තිබේ.
  • සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සැකකාර යුවළ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් එළඹෙන 25දක්වා රක්ෂිත බන්ධනා ගාර ගත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙලෙස අත් අඩංගුවට ගත් යුවළ මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් බවත් කාන්තාව 23 හැවිරිදි වියේ පසුවන බවත් පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන බවත් දෙදෙනා  එක්ව මෙම කප්පම් ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවා ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකාරිය විශේෂඥ වෛද්‍ය වරයා⁣ සේවය කල චැනල් සෙන්ටර් හී සාත්තු සේවිකාවක් ලෙස සේවය කර ඇති බවත් පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ .

මෙම සැකකාර යුවළ තෙල්දෙණිය පොලිස් වසමේ කූලී නිවසක තාවකාලිකව පදිංචි වී සිට මෙම කප්පම් ලබාගැනීම සිදුකර තිබේ.

පැමිණිළිකාර වෛද්‍ය වරයාට බලපෑම් කර තවත් රුපියල් ලක්ෂ 81 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගන්නට උත්සාහ දැරූ අවස්ථාවේ වෛද්‍ය වරයා සිද්ධිය පොලීසියට පැමිණිළි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සැකකාර යුවළ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් එළඹෙන 25දක්වා රක්ෂිත බන්ධනා ගාර ගත කෙරිණි.

තෙල්දෙණිය පොලිස් අධිකාරී (01) ජයන්ත සමරකෝන් ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල ඇතුලු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි

( lankalokaya | අජිත් ජනානන්ද)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...