නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍ය වන අගමැතිවරයාට ද නොදන්වා පර්චස් 109 ක භූමි ප්‍රදේශයක
පිහිටි කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ පොල චීන සමාගමකට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම, මහ සභාවේ අනුමත කර ගැනීමට ඡන්දය පාවිච්චි කරන්නැයි කොළඹ මහ නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවසාන මොහොතේ දී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් යෝෂිත රාජපක්ෂ විසින් කොළඹ නාගරික මන්ත්‍රීනි නිත්‍යා සේනානි සමරනායක හරහා දුරකථන කෙටි පණිවිඩයක් ලබා දී තිබුණු කතාවක් ගැන ඊයේ (15) කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ කතා බහට ලක්ව ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තා වේ.
විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කලින් දැනුවත් කර නොතිබූ බවත්, ගිවිසුම අත්සන් කර සති තුනකට පසු දිනක මෙම අවබෝධතා ගිවිසුම ගැන තමන් අගමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ඒ ගැන දැන නොසිටිය බවත්, කොළඹ නාගරික මන්ත්‍රීනි ශාමිලා ගෝනවල මන්ත්‍රීවරිය පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත යවන ලද ලිපියක සඳහන් කරයි.
කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොල චීන සමාගමක් වෙත ලබාදීමට නාගරික සංවර්ධන අමාත්‍ය නාලක ගොඩහේවා ගේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක ගේ මූලිකත්වයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම, විෂය භාර අමාත්‍ය අගමැතිටවත් නොදන්වා, පරිපාටියට පටහැනිව අත්සන් කර ඇති බැවින්, එය වහා අවලංගු කරන ලෙස කොළඹ නාගරික මන්ත්‍රී ශාමිලා ගෝනවල, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගෙන් ඉල්ලා ඇත.
කෙසේවෙතත්, අවසාන මොහොතේදී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් යෝෂිත රාජපක්ෂගෙන් එකී අවබෝධතා ගිවිසුම අනුමත කිරීමට ඡන්දය දෙන ලෙස නාගරික මන්ත්‍රීවරියක් හරහා පොහොට්ටු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබුණේ නගර සභා ආඥා පනතේ නියමිත පරිපාටියට පිටින් අත්සන් කළ එකී අවබෝධතා ගිවිසුම සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලැබුණු නිසාදැයි මන්ත්‍රීවරුන් එකිනෙකාගෙන් විමසා ඇතැයි ද පැවසේ.
සබැඳි පුවත :
ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව
සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.