leader s

 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ දී මංමුලාවූ බෝට්ටුවකින් අතුරුදහන් වූ බවට සැක කෙරුණු ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු තමිල්නාඩුවේ සිය ගම් පියසට ආපසු ගොස් තිබේ.
 මෙම ධීවරයන් සිව් දෙනා ඇතුළු ධීවර කාර්මිකයන් පිරිසක් මාර්තු 13 සෙනසුරාදා උදෑසන තමිල්නාඩුවේ වෙරළබඩ නගරයක් වන පුදුකෝට්ටෙයි සිට යාත්‍රා කිරීම ඇරඹා තිබු අතර, බෝට්ටුව එදින රාත්‍රියේ දී අනපේක්ෂිත යාන්ත්‍රික දෝෂයකට මුහුණ පා ඇත.
 
 කාර්මිකයන් පිරිස බෝට්ටුව අලුත්වැඩියා කිරීමට උත්සාහ කලමුත්, චන්ඩ මාරුතය විසින් (ලියාපදිංචි අංක: IND.TN.08.MM.145 දරණ) මෙම බෝට්ටුව නෙඩුන්තීව් වෙරළ දෙසට ගසාගෙන ගොස් තිබේ.
 
 පසුව බෝට්ටුව නෙඩුන්තීව් වෙරළ තීරයේ වැලි පරයක හැපී ගොඩ බිමට තල්ලු වී ඇත.
 
 
 
 received 935556060606658
 
 
 
 තමිල්නාඩු ධීවර සංගමයේ නායකයකු වන බෙන්සිංලාස් ජෙසුරාජා පවසන්නේ; “තම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වේයැයි බිය ගත් මේ ධීවරයන් අනෙක් සහෝදර ධීවර යාත්‍රාවන්ගෙන් සහාය අයැද සිටීම,” බවයි.
 
 ෂාහුල් හමීඩ් (21), වෙට්‍රිවෙල් (21), නූර් මුහම්මදු (21) සහ මරුදු යන අය, තමන් සමගම මේ මුහුදු ගමන ඇරඹූ අනෙක් අයගේ බෝට්ටුවලින් ලත් ක්ෂණික උපකාර හේතුවෙන්, තම අබලන්වූ බෝට්ටුව හැරදමා ආපසු තමිල්නාඩුවේ සිය ගම් බිම් වලට පැමිණ ඇත.
 
 
“බෝට්ටුව ආපසු දෙන්න”
 
තමිල්නාඩු ධීවර සංගමයේ ජෙසුරාජා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ඉල්ලා සිටින්නේ මෙම බෝට්ටුව වහාම ආපසු ලබා දිමට කටයුතු කරන ලෙසයි.
 
 ඒ අතර ඔහු තමිල්නාඩුවේ ධීවර බලධාරින්ට ලිපියක් යවමින් සදහන් කර ඇත්තේ මේ ප්‍රශ්නය පිලිබදව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව මැදහත්කරවා ලංකාණ්ඩුව සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන ලෙස යි.
 
 
 මෙයාකාරයට මුහුද මැද දී බෝට්ටුව අහිමි වීම නැතිනම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත්කරගෙන ඇදගෙන යාම් තමිල්නාඩු ධීවරයන්ගේ ජීවනෝපායට බැරෑරුම් අයුරින් බලපානු ලබයි. මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ බෝට්ටු මුහුදේ ගිල්වා දැමූ බවට චෝදනා එල්ලවී තිබුනි.
 
 
 
උතුරේ ධීවරයන්ගේ විරෝධය:
 
 
 
ඉන්දියානු ධීවරයන් මසුන් මැරීම සඳහා තම මුහුදු තීරයට ඇතුළු වී අනවසරයෙන් මාළු බෑම උතුරු ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී ඇත.
 
 ඉන්දියානු ධීවරයින් මසුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු නොවිය යුතු බව ලංකාවේ උතුරේ  ධීවරයන් නිරන්තරව අවධාරණය කර  තිබේ.
 
 කෙසේ වෙතත්, මහමුහුද මැද්දේ දී තමන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුමක් සෙවීමට දෙරටේ ධීවර ප්‍රජාවන් අතර ඇත්තේ පලල් එකගතාවකි.
 
 ඒ වෙනුවෙන් ධීවරයන් අතර ම ඍජු  සාකච්ඡා පැවැත්වීම සඳහා දෙරටේම ධීවර නායකයන් මීට ඉහතදී කැමැත්ත පළ කර තිබුනි.
 

###############

 
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්