leader s

පුද්ගලික දත්ත එකතු කිරීමේ තවත් වැඩ සටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගනිමින් සිටී.

රැස් කරගන්නා තොරතුරු යොදා ගන්නා ආකාරය පිළිබඳ විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් නොමැතිකම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබියදී කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වුවන් පිළිබදව සංගණනයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

  

වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමේ අපහසුතා හේතුවෙන් හෝ අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කෝවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  ඉල්ලා සිටී.

 

කොරෝනා  වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීම සහ ඔවුන්ට ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී WhatsApp Image 2021 03 18 at 8.38.08 PMක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව ස්වකීය රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය,සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11මහල, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති  ඉල්ලා සිටි.

 

 
2021 අප්‍රේල් පළමු වන දිනට ප්‍රථම මෙම තොරතුරු එවන ලෙස ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටි.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ 2368502 දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි බවයි.

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
 

  

 
The Leader TV

 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්