දුම්වැටි ප්‍රචාරයේ යෙදුනු රජයේ ප්‍රධාන අමාත්‍යවරයකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බෞද්ධ සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් 'හෙළ බොදු සවිය' සංවිධානය විමසා ඇත්තේ කුරුඳු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අදාළ සමාගමට ලිපියක් මගින් දැනුම් දී ඇති අවස්ථාවේද එය ප්‍රවර්ධනය සිදු කරන්නේ කුමන බල අධිකාරියේ බලය නිසා ද යන්නයි.
 
කුරුඳු භාවිත කරමින් සකස් කරන ලදැයි පැවසෙන සිගරැට් වර්ගයක් නිෂ්පාදනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය යටතේ  දේශිය ව්‍යාපාරිකයෙක් මගින් සිදු කර තිබුනි.
 
පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රසිද්ධියේ දුම්පානය කර පෙන්වා තිබුනේ ආයුර්වේද කුරුදු දුම්වැටියක් ප්‍රචලිත කිරීම සඳහා යයි පවසමිනි.
 
|"දේශිය නිෂ්පාදන නැංවිමේ අරමුණින් යයි පවසමින් පසුගිය දින අමාත්‍ය විමල්වීරවංස මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කුරුඳු වලින් නිෂ්පාදන දුම් වැටියක් එළිදැක්විය."
 
 
 
අමත්‍යවරයා  විසින් දුම්පානය කරන අයුරුද පෙනෙන ප්‍රචාරයක් දක්නට ලැබුන අතර ඒ සදහා රාජ්‍ය අවසරය ද ලැබි ඇති බවයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් පවසන්නේ.
 
දුම්කොළ හා මද්‍යාසාර අධිකාරිය මගින් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරමින් දුම්වැටි හා මද්‍යසාර නැවත්වීමට ක්‍රියා කරද්දී  රජයේම කර්මාන්ත අමාත්‍යවරයා දුම්පානය ප්‍රවර්ධනය කිරීම  රටටම විහිළු සැපයීමක් බව හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
 
ලංකාවේ වාසනාවකට කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතය අවම මට්ටකම ඇතත් මෙය කාන්තාවන් දූමපානයට පොලඹවා ගැනිමට ගත් උත්සාහයක් බව හෙළ බොදු සවිය සංවිධානයේ අදහස වී තිබේ.
 
සෞඛ්‍යරක්ෂිත ආයුර්වේද දූම්පාන කියා සිගරට් වර්ග ලෝකයේ නොමැති බව ජනාධිපතිවරයාට දැනුම් දෙන බුදුගල ජිනවංශ හිමියන් සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සිගරට් සියල්ල සෞඛ්‍යයට අහිතකර බවයි.
 
"මේ දුම් පානය කරමින් අපට පෙන්නන දුම්වැටියේ සාමාන්‍ය සිගරට් එකක අඩංගු නිකොටීන් හැර අනෙක් සියලුම  විෂ රසායනික අඩංගු ඇත. පිලිකා සහ මාරාන්තික  ශ්වසන අපහසුතා ඇතිකරන රසායනික ක්‍රියා දාමයන් සිදුවෙයි.සිගරට් වලට තරුණ තරුණියන් ආකර්ශනය කරගන්නා මූලයක් ලෙස හැදින් විය හැකිය."
 
 
 
 
දේශිය නිෂ්පාදන ප්‍රවර්ධනය මුවාවෙන් කවරෙකු හෝ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට ආයුර්වේද සංකල්ප භාවිතා කිරිම සම්පුර්ණයෙන්ම වැරදි බව බුදුගල ජිනවංශ හිමියන් අවධාරණය කරයි.
 
"ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ 13 පිටුවේ දුම්වැටි හා මද්‍යසාර ප්‍රවර්දනය අඩුකර තරුණ තරුණ්යන් එයින් ගලවා ගන්වා යයි සදහන් වෙයි. ඔබතුමාගේ අණ්ඩුවේ ඇමතිවරයෙක් අද සිදු කරන්නේ එම කාර්යද? යන්න ඔබතුමා සලකා බැලිය යුතුව ඇත. එම නිසා මෙම ඇමතිවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමු" යි හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන්ය.
 
 

 

The Leader TV

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්