ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කිරීම සඳහා ඔහුට සහය දක්වන පාර්ශ්වයකින් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහට යෝජනාවක් ඉදිරිපත්කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ කරු ජයසුරියට හිතවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකු කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ද කරු ජයසුරිය පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද තමන්ගේ නායකත්වයට අභියෝගයක් වෙතැයි සිතා රනිල් වික්‍රමසිංහ ඊට කිසිඳු ලෙසකින් එකඟ නොවූ බවයි.

එහෙයින් මේ අවස්ථවේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට බාධාවක් නොවන ආකාරයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

''එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියනවා, ජනාධිපති තනතුර දරන පක්ෂ සාමාජිකයා පක්ෂයේ නායකයා වියයුතුයි කියලා. එනිසා තමාගෙන් පිට පක්ෂ සාමාජිකයකු ජනාධිපති වෙනවට රනිල් එකඟ වෙන්නේ නැහැ. ඔහුට තරඟයක් දෙන්න බැරිනම් පක්ෂයට පිටින් අයකු සොයන්නේ එනිසා.

රනිල්ට ඕන පක්ෂ නායකකම. එකේ සාධාරනකමකුත් තියනවා. මොකද පසුගිය කාලයේ පක්ෂයට මොනතරම් අභියෝග ආවත් ඒවාට මුහුනදීලා පක්ෂය ආරක්ෂා කලේ එතුමා. අපි එක අමතක කරන්න හොඳ නැහැ. එතුමා මේ මොහොතේ නොසිටින්න පක්ෂය මේ වෙනකොට කැලි කැලි වලට කැඩිලා ගිහින්. ඔහුට සාධාරණයක් ඉටුවිය යුතුමයි.

 

එජාපයට ව්‍යවස්ථා සංශෝධනයක් !

එනිසා අගමැතිතුමාගේ පක්ෂ නායකත්වයට අභියෝගයක් නොවන යෝජනාවක් අපි ඉදිරිපත් කලා. අපි එහිදී යෝජනා කළේ කරු ජයසුරිය ජනාධිපති වුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිගටම රනිල්ට හිමිවන ලෙස පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමු කියලා.

අනෙක 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා වෙලා. එම සංශෝධන යටතේ යළි බලයට පත්වන ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ සීමා සහිත බලයක්. ඇත්තටම දැන් ජනාධිපති තනතුර සුදුසු විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන කෙනෙකුට.

එනිසා අපි යෝජනා කළා කරු ජයසුරිය මහත්තයව ජනාධිපති අපේක්ෂකයා කරලා, එජාප නායක රනිල් අගමැති කරමු කියලා . අපි හිතනවා අපේ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


රනිල් එහෙම ඉඩක් දේවිද?

Sajith karu lanka 

කෙසේවුවද, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 'රාවය' පුවත්පතට ලියු දේශපාලන විග්‍රහයක සඳහන් වන්නේ, තමන් නායකයාව සිටිය දී තමන් හැර වෙනත් ‘එජාප’ සාමාජිකයකුට ජනාධිපති වීමට තබා අපේක්ෂකයා වීමට හෝ වික්‍රමසිංහ මහතා ඉඩකඩ විවර කරාවියැයි විශ්වාස කළ නොහැකි බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කර තිබේ.

''කරු ජයසූරිය මහතාව එජාපෙ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ අපේක්ෂාව මුල සිට ම තිබුණේ 2015 වෙනසට බරපතළ ලෙස දායක වූ සිවිල් සංවිධාන ජාලයටය. එය ආරම්භ කළේ වික්‍රමසිංහ එජාප නායකයාගේ පූර්ණ ආශිර්වාදයෙන් යැයි සිතිය නොහැක. එහෙත් ඔහුගේ බරපතළ විරෝධය මධ්‍යයේ යැයි ද විශ්වාස කළ නොහැක.

“රනිල් එජාපයේ වෙනත් අයෙකුට අනුමැතිය දෙන්නේ නම්, ඒ කරු” යන අනුමාන ඥානය ද එහිදී බලපාන්නට ඇතැයි සිතිය හැක. අනෙක් පැත්තෙන් මෙම සිවිල් සංවිධාන උත්සාහ දරනු ඇත්තේ කරු පොදු අපේක්ෂකයෙකු කිරීමටය. එය සාර්ථක වන්නේ නම් සහ ජයසූරිය කතානායකවරයා ජනාධිපති අපේක්ෂකයා වුවහොත් එසේ වන්නේ එජාප සාමාජිකත්වයෙන් ඉවත් වූ අයෙකු ලෙස විය හැකිය.

එයින් වික්‍රමසිංහ එජාප නායකයාට අවස්ථා දෙකක් උදාවන්නේ යැයි විශ්වාස කළ හැකිය.

පළමුව ඔහු එජාප නායකයා ලෙස කැමති වන්නේ ඔහු ඉක්මවා එන එජාපයේ වෙනත් අයෙකුට නොව ඉන් ඉවත් වූ පිටස්තරයෙකුටය.

දෙවනුව අපේක්ෂකයා වන කරු යනු එජාපයෙන් 18ක් රැගෙන මහින්දගේ ආණ්ඩුවට ගිය අඛණ්ඩව එජාපයේ රැඳී නොසිටි එජාප සාමජිකයා නොවන්නේය.

මේ නිසා සිවිල් සංවිධාන පැතුම ඉටු වී කරු ජනාධිපති වුවහොත් එජාප නායකත්වයට කිසිදු බලපෑමක් නොවනවා සේම ඔහු පරාජය වුවහොත්, එසේ පරාජය වන්නේ එජාප සාමාජිකයෙකු ලෙසද නොවන්නේය.

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාසගේ නැගී සිටීම පාලනය කිරීමට ද මාවතක් විවර වන්නේය.''

''අපේක්ෂකයා තේරීමේදී අගමැතිවරයා තනි තීරණයක් නොගත යුතුයි'' - ඇමති එරාන් කියයි

Image result for eran wickramaratne

 

මේ අතර ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසුයේ, ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තනි තීරණයක් නොගත යුතු බවයි.

කිසිවෙකුගේ බලපෑමට හෝ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදු නොකළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

  

අවස්ථා 02කදී මෙන් මෙවර ද අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බව මේවනවිටත් ප්‍රකාශ වී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්