ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

 
ඇමෙරිකාව සිය හමුදා ඉවත් කරගැනීමෙන් අනතුරුව ද ඇෆ්ඝනිස්තානයට තවදුරටත් සහයෝගය දෙන මුත් එය "හමුදාමය" වශයෙන් නොවන බව ජනාධිපති ජෝ බයිඩන් සහතික කරයි.
 
"ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන්නට දැන් කාලයයි," යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ධවල මන්දිරයේ කාමරයක සිට කතාවක් කරමිනි. 2001 වසරේදී මුල්වරට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර ප්‍රකාශයට පත් කෙරුණේ එහිදී ය.
 
 

 
 
 
නිලධාරීන් පවසන පරිදි හමුදා ඉවත් කරගැනීම යෙදෙන්නේ 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමෙරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ 20 වෙනි සංවත්සරයට සමගාමීව ය.
 
නේටෝ ඇෆ්ඝන් මෙහෙයුමට ඇතුලත් හමුදා සාමාජිකයින් 9,600 අතර අවම වශයෙන් 2,500ක ඇමෙරිකානු භට පිරිසක් වෙති.
 
ඇෆ්ඝනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා භට සංඛ්‍යාව නිතර වෙනස් වන අතර ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වනවිට එම පිරිසේ එකතුව 3,500ට ආසන්න වේ.
 
ඇෆ්ඝනිස්තානය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු කිරීම සඳහා වූ කැපවීම තුළ රැදී සිටීමට දැඩිමතධාරී ඉස්ලාමීය ව්‍යාපාරයක් වන තලිබාන් සංවිධානය මේ දක්වා අසමත් වී ඇති බව ඇමෙරිකානු හා නේටෝ නිලධාරීහු පවසති.
 
 
 
 118064155 034307471 1
 
ඇෆ්ඝනිස්තාන ආරක්ෂක භටයන් පුහුණු කරවන ඇමරිකානු හමුදා භටයන්
 
 
 
ඇමෙරිකානු හමුදා ඉවත්වීමට සූදානමක් ලෙස තමන් සාම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යන බව කාබුල් හි සිටින ඇෆ්ඝන් නිලධාරීහු පවසති.
 
බදාදා (අප්‍රේල් 14) ජනාධිපති ජෝ බයිඩන් සමග දුරකතනයෙන් කතා කළ බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් තැබූ ඇෆ්ඝන් ජනාධිපති අෂ්රෆ් ඝානි, සිය රට "ඇමෙරිකාවේ තීරණයට ගරු කරන අතර සුමට සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා අපේ ඇමෙරිකානු හවුල්කරුවන් සමග අප එක්ව වැඩ කරනවා" යැයි සඳහන් කළේය.
 
ඇෆ්ඝනිස්තානයේ ආරක්ෂක හමුදා "සිය ජනතාව මෙන්ම රට ආරක්ෂා කිරීමේ පූර්ණ හැකියාවෙන් යුක්තයි" යනුවෙන් ද ඔහු කියා සිටියේය.
 
 
ඉවත්වීමේ කාලසටහන කුමක් ද?
 
 
බයිඩන් ගේ සැලසුම, ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටියදී එකඟවී සිටි කාලය වූ මැයි 1 වෙනිදා පසුපසට තල්ලු කරන්නකි.
 
තලිබාන් සංවිධානය සිය පොරොන්දුව ඉටු කරන්නේ නම් ඇමෙරිකාව මෙන්ම සිය නේටෝ මිත්‍ර පාර්ශ්වයේ හමුදා 2021 මැයි වනවිට සම්පූර්ණයෙන් ඉවත් කරගන්නා බව 2020 පෙබරවාරියේ අත්සන් කරන ලද ගිවිසුමෙන් කියවිණි.
 
තලිබාන් සංවිධානය එකඟවිය යුතු වූ පොරොන්දු අතරට, ඔවුන්ගේ පාලනය යටතේ වූ ප්‍රදේශවල අල්-ඛයිඩා හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයට ඉඩ නොතැබීම මෙන්ම ජාතික සාම සාකච්ඡාවල ඉදිරියට යාම ද ඇතුළත් විය.
 
එම ඓතිහාසික එකඟතාවට අනුව ජාත්‍යන්තර හමුදාවලට පහරදීම තලිබාන් විසින් නවතනු ලැබුවද ඇෆ්ඝන් ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වැදිණි. 
 
රට තුළ සිටින විදෙස් හමුදාවලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා මැයි 1 වෙනිදා සිට යළි අරඹන බවට තලිබාන් සංවිධානය පසුගිය මාසයේදී තර්ජනය කළේය.
 
 
ඇෆ්ඝනිස්තානය තුළ ඇමෙරිකාවේ මැදිහත්වීම:
 
 
 
 118064156 gettyimages 478294561
2001 ඔක්තෝබර්: අමෙරිකාවට එල්ලවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ඇෆ්ඝනිස්තානයට බෝම්බ හෙලීම ඇරඹිණි. (GETTY IMAGES)
 
 
2009 පෙබරවාරි: අමතර සෙබළුන් 17,000ක් යවන බව ඇමෙරිකාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇෆ්ඝනිස්තානය තුළ හමුදා වැඩිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සඳහා සහය දෙන බව නේටෝ සාමාජික රටවල් පැවසූහ.
 
 
2009 දෙසැම්බර්: 
ඇෆ්ඝනිස්තානය තුළ ඇමෙරිකානු හමුදා තවත් 30,000කින් වැඩි කිරීමට ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තීරණය කළේය. ඒ, භට සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ නංවමිනි. 2011 වසර වනවිට සිය හමුදා ඉවත්කිරීම අරඹන බව ඔහු කියා සිටියේය.
 
 
2021 ඔක්තෝබර්: 
ඇමෙරිකාව හා එක්සත් රාජධානිය ඇෆ්ඝනිස්තානය තුළ සිය යුද මෙහෙයුම් අවසන් කළහ.
 
 
2015 මාර්තු: 
ජනාධිපති අෂ්රෆ් ඝානි කළ ඉල්ලීමකට අනුව සිය හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත් කර ගැනීම පමා කරන බව ජනාධිපති ඔබාමා පැවසීය.
 
 
2015 ඔක්තෝබර්: 
9,800 ක් වූ ඇමෙරිකානු භට පිරිසක් 2016 වසර අග වනතෙක් තවදුරටත් ඇෆ්ඝනිස්තානයේ රැදී සිටිනු ඇති බව ජනාධිපති බරක් ඔබාමා පැවසීය. ඒ, භටයින් දහසක් හැර අන් සියල්ල ඉවත් කරගන්නා බවට කළින් දෙන ලද පොරොන්දුවක් ආපසු හරවමිනි.
 
 
2016 ජූලි: 
8,400 ක භට පිරිසක් "අස්ථිර ආරක්ෂක තත්ත්වය" මත 2017 වසරේදීත් ඇෆ්ඝනිස්තානයේ රැදී සිටිනු ඇති බව ජනාධිපති ඔබාමා පැවසීය. සිය හමුදා සංඛ්‍යාව එළෙසම පවත්වා ගැනීමට නේටෝ සංවිධානය ද එකඟ වූ අතර 2020 වසර තෙක් දේශීය ආරක්ෂක හමුදා වෙත දෙන අරමුදල් සපයන බව අවධාරණය කළේය.
 
 
2017 අගෝස්තු: 
නැවත හිස ඔසවන තලිබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා තවත් හමුදා යවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
 
 
2019 සැප්තැම්බර්: 
තලිබාන් සංවිධානය හා ඇමෙරිකාව අතර වෙහෙසකර සාම සාකච්ඡා බිඳ වැටිණි.
 
 
2020 පෙබරවාරි: 
මාස ගණනක් පුරා වරින් වර පැවති සාකච්ඡාවලින් අනතුරුව, හමුදා ඉවත්කර ගැනීම පිළිබඳ ගිවිසුමකට ඇමෙරිකාව හා තලිබාන් සංවිධානය අත්සන් තැබුවේ කටාර් රාජ්‍යයේ දෝහා හිදී ය.
 
(BBC සිංහල සේවය)
 
 
 
##################
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්