ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) පෙරවරුවේ දුරකතන ඇමතුමක් ලබාදෙමින් 'පොහොට්ටු' පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂට බැන වැදී ඇත්තේ, නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (15) පැවති

මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිවරයාගේ පුත්‍රයා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයන් නිසා යයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
මෙරට දේශපාලනයකට කිසිඳු ආකාරයකින් මැදිහත්නොවී තමන්ගේ පාඩුවේ, ඇමරිකාවේ රැකියාවක් කරමින් සිටින සිය පුතාගේ නම මෙරට දේශපාලනයට ඇඳා ගැනීමට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දැරූ උත්සාහය ජනාධිපතිවරයාගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
 
 
 
'' ජනාධිපතිතුමාගෙයි, නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ මහත්තයාගෙයි දරුවෝ ඇමරිකාවේ පුරවැසියෝ. නිවාඩුවට මෙහෙ ඇවිල්ල ටික කාලෙකට බලය අරන්, රටත් මංකොල්ල කළා අයෙත් එහෙ යනවා.  හැබැයි අපේ තමුන්නාන්සේලාගේ දරුවන්ට ඉන්න රටක් නැති කරනවා. ඒගොල්ලන්ගේ හොලිඩේ ඉවර වුනාම ඒගොල්ල යනවා ඇමරිකාවට. මේ ඇමරිකාවේ පුරවැසියෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට තමන්ගේ දරුවන්ට සුරක්ෂිතව ජීවත්වෙන්න ඇමරිකාවේ පුරවැසිභාවය අරන්දිලා, අපේ රට මංකොල්ල කකා යනවා. කියන්න කනගාටුයි.. '' යයි විජේදාස මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවේදී පැවසිය.
 
 
 
 
 ජනාධිපතිවරයා, අද උදැසන විජේදාස රාජපක්ෂ මන්ත්‍රී වරයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා ඇත්තේ දැඩි ආවේගයකින් හා වෙව්ලන ස්වරයකින් යුතුවය. 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ සමීපතමයකු පැවසුයේ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ගැන විමසමින් ජනාධිපතිවරයා විජේදාස මන්ත්‍රීවරයාට බැන වැදී ඇති බවයි. එහිදී දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බවද ඔහු සඳහන් කළේය.
 
 
‘ගම සමග පිළිසඳර’ විවේචනය කිරීම :
 
 
එසේම ඔහු පැවසු ආකාරයට, ජනාධිපතිවරයා වඩාත්ම කෝපයට පත්ව සිට ඇත්තේ, නාරාහෙන්පිට අභයාරාමයේ  ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙනි.
 
''අද රට මහා අරාජිකයි.. ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සෙල්ලම නතර කල යුතුයි.. එය බාල බොලද වැඩක්..'' යයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
 
ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
ජනාධිපතිවරයකු එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා, 'ගම සමග' පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.
 
ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.
 
 
 
කොන්ත්‍රාත්තුවක් ද ?
 
 
 
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන සම්බන්ධයෙන් එල්ලකළ විරෝධය පිළිබඳව අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ම අසතුටින් පසුවන බවයි. 
 
විජේදාස මන්ත්‍රීවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉටුකරන්නේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට එරෙහි ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ කොන්ත්‍රාත්තුවක් විය හැකියයි ඔහු සැක මතු කළේය.
 
දේශපාලනය කටයුතු වලට සම්බන්ධ නොවන ජනාධිපතිවරයාට ජනතාව අතරට යාමට ඇති එකම වැඩසටහන එය බවත්, එය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන්ට උවමනාවී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
ජනාධිපතිවරයා විසින් දැඩි ආවේගයකින් යුතුව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට බැනවැදීමේ සිද්ධිය, ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණකාරී ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලයතුල ජනාධිපතිවරයා තුළ පැවති විරෝධය පුපුරා යාමක් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
 
අගමැතිගෙන් හා චිචී ගෙන් දුරකත ඇමතුම් 
 
ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට බැනවැදී ඇතැයි වාර්තාවීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ බාල පුත් රෝහිත රාජපක්ෂ (චිචී) දුරකථන ඇමතුම් ලබාදෙමින් කනස්සල්ල පළකර ඇත. 
 
අගමැතිවරයා, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බිය සැක තුරන් කිරීමට බලවත් වෙහෙසක් දරා ඇතැයි ද වාර්තාවේ. 
 
ජනාධිපතිවරයාගේ දුරකථන තර්ජනය වාර්තාවීමත් සමග නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කර තිබිණ. 
 
එසේම, ජනාධිපතිවරයාට සමීප මාධ්‍ය ආයතන ප්‍රධානියකු ද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට බලවත් උත්සහයක් දරා ඇත.
 
ඊයේ පැවති මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපතිවරයා, ඊයේ (15) පස්වරු ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දොස්පවරා තිබිණ. 
 
 
 
 
ජනාධිපතිවරයා මෙසේද දැඩි ආවේගයකින් යුතුව ආණ්ඩුවේ ම මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමක් සිදුකර ඇත්තේ,  
ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අප්‍රේල් 12 සඳුදා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර දින කිහිපයකට පසුවය.
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රකාශය දැඩිලෙස විවේචනය කර තිබිණ.

ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි - දිලුම් අමුණුගම

 
 
 
##################
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්