ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් තුන් වසරකට ඉහත නැගෙනහිරදී  මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ මාතාවකට නමස්කාර නොකරන

ලෙස පවුලේ ඥාතීන්ට පොලීසිය විසින් තර්ජනය කර තිබේ.

 
පූපති මෑණියන් අනුස්මරණය කළහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි බවට  අනතුරු අගවමින් කාත්තන්කුඩි පොලිසිය විසින් ඇගේ පවුලේ ඥාතීන් වළක්වා තිබේ.
 
ශ්‍රී ලංකා භුමියේම උපන් මාතාවකට එසේ සලකා තිබුනත්, පසුගිය 14 වැනිදා ලංකාවට පැමිණි වූ “රන්විජේ” නම් අධි බලැති ඉන්දීය යුද නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන්. හරිහරන්ට ඉන්දීය හමුදාවට ගරු බුහුමන් දැක්වීමට රජය විසින් අවස්ථාව සලසා දී තිබුනි.
 
ඊට පසුදා කපිතාන් හරිහරන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ඇතුළු නිලධාරීන් සමග එක්වූ ලංකාවේ නාවික හමුදා නිලධාරීහු බත්තරමුල්ලේ පිහිටුවා ඇති ඉන්දියානු සාම සාධක බලකායේ ස්මාරකයට පූජෝපහාර ද දැක්වී ය.
 
 

Annai Poopathi

අන්නෙයි පූපති නමින් ප්‍රකට පූපති කනපතිපිල්ලේ දස දරු මාතාව මාසයක් තිස්සේ නිරාහාරව සිට ජීවිතය පූජා කළේ 1988 මාර්තු 19 දාය.
 
“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.
 
 
එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය උපවාසය නිමා වුයේ ජීවිතයට සමු දෙමිනි.
 
ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.
 
අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්තිසහත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇය වෙත බාර කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.
 
මඩකලපු දිස්ත්‍රික්කයේ නාවලඩි හි ස්ථාපිත කර තිබෙන තාවකාලික ස්මාරකයකදී ඇය අනුස්මරණය කිරීමේ සම්ප්‍රදායික ආගමික යුතුකම ඉටු කිරීම වළක්වමින්, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඇගේ ඥාතීන් වෙත කුරිරු නෛතික බාධකයක් ලෙස, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන ඉදිරිපත් කරනු ලැබ තිබේ.
 
මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.
 
 
 
 

Daughter of Annai Poopathi

 
 
 
පසුගිය ඉරුදින මඩකලපුවේ මාධ්‍යවේදීන්ගේ සමාජයේදී  ජනමාධ්‍යවේදීන් ඇමතූ පූපති මාතාවගේ වැඩිමහල් දියණිය වන ලෝකේෂ්වරන් ශාන්ති කියා සිටියේ, නාවලඩි හි තම මව මිහිදන් කළ ස්ථානයේ ඇයට බුහුමන් දැක්වීම සඳහා පවුලේ සාමාජිකයන් විසින් කරනු ලබන කටයුතු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පියවර ගැනීමට හේතුවන්නේ යයි කාත්තන්කුඩි පොලිසිය තර්ජනය බවයි.
 
“මගේ අම්මා සාමකාමීව විරෝධය පළ කළේ. එයා අවි ආයුධ තබාගෙන හිටියේ නැහැ. අපි ඇයව සිහිපත් කිරීමේ දී කිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධ කර ගන්නේ නැහැ. එය තනිකරම පවුලේ අනුස්මරණයක් පමණයි...” යි ශාන්තී මාධ්‍යවේදීන්ට පැවසුවා ය. ‍
 
මේ සම්බන්ධයෙන් පවුලේ අය පවසන්නේ, පසුගිය කාලය පුරාම අඛණ්ඩව වසරක් පාසා ඇය වෙනුවෙන් ගරුබුහුමන් දැක්වීම් කරනු ලැබූ මුත්, ඒ කිසි විටකත් මෙවැන් නීති බාධක එල්ල වී නැති බවයි.
 
කෙසේ වෙතත් දෙමළ ජාතික සංධානයේ නායකයන් කිහිපදෙනෙකු තාවකාලික ස්මාරකයේදී දී ඇයට උපහාර දක්වා තිබේ.
 
යුද්ධයෙන් පීඬාවට පත් දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් රාජපක්ෂ සොහොයුරන්ගේ පාලනය විසින් දිගින් දිගටම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් යටපත් කරමින් සිටි.
 
මෑතකදී පැවැත්වූ සුප්‍රසිද්ධ පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ පෙළපාලියට (P2P) සහභාගී වූවන් හටද, එසේ සහභාගී වීමට හේතු පැහැදිලි කරන ලෙස දැනුම් දී තිබුනි.
 
මුල්ලිවයික්කාල් හි දී යුධයෙන් මියගිය පිරිස් සිහි කිරීම සඳහා නිහඬ යාතිකාවක් හා පහන් දැල්වීමක් වෙනුවෙන් කටයුතු කළ ජනයාට ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තර්ජන ඉදිරිපත් කරනු ලැබිනි.
 
 
 
මේ තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මානව හිමිකම් ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දඩමීමා කර ගනිමින් දෙමළ ජනතාව නිහඬ කර තැබීමට ලංකාණ්ඩුව ක්‍රියා කරන බවයි.  එහි දී මලවුන්ට වැඳුම් පිඳුම් කිරීම වැනි මූලික මානුෂීය සාරධර්ම පවා යටපත් කිරිමට එය යොදා ගනිමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි.
 
 
 
දෙමළ විමුක්ති අරගලය මූර්තිමති කරන්නා වූ තැනැත්තන් ලෙස සලකනු ලබන අයගේ සැමරුම් මෙන්ම, ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් එම සැමරුම් සඳහා එක්වනු ලැබීම පවා ‘ආරක්ෂාවට’ තර්ජනයක් ලෙසත්, කොටි සංවිධානය යලි පුනරුත්ථානයට වෑයමක් ලෙසත් ලංකාණ්ඩුව සලකනු ලබන බව මින් පෙනෙන බව ඔවුහු  පෙන්වා දෙති.
 
 
 

###############
THE LEADER TV 
 
THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්