leader s

ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින්, සංවිධානය කර තිබූ දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ දවටගහ පල්ලිය අසළදී අද (30) පැවැත්වින.
 
 
 
රිෂාඩ් නිදහස් කරනු,
කාදිනල් සතුටු කිරීමට
සුළුජාතික නායකයන් පාවිච්චි කරන්න එපා. !
 
  
අපේ නායක රිෂාඩ් ට සාධාරණය ඉටු කරන්න,
සුළු ජාතිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිනු. !
 
 
 
ආණ්ඩුවේ කැත නම වහන්න
බිල්ලට අහුවුණේ රිෂාඩ්ද..?," 
 
 
ආදි ලෙස සඳහන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවෝ හඬ නැගූහ.
 
 
 
විරෝධතාවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න,
 
''රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය සාධාරණ නෑ. එම අත්අඩංගුවට ගැනීම රිෂාඩ් බදියුදීන් මහතාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින, මුස්ලිම් ජනතා නායකයෙක් වන බදියුදීන් මහතාගේ අත්අඩංගුවට ගැනීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැක සංකා මතු කරනවා. අයුතු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි" ද  සඳහන් කළේය.
 
rajitha 
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ,
 
''වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක අධික කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කිරීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආකාරය අප දුටුවා. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කිසිදු චෝදනාවක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අදාළව මේ දක්වා ඔප්පු කර නැහැ. ජනාධිපති කොමිසමෙන්ද රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළා. එහි අවසන් වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට චෝදනාවක් එල්ල කර නැහැ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙවර අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් අනුව පළිගැනීමේ චේතනාවෙන්. ආණ්ඩුව විවේචනය කරන විපක්ෂ දේශපාලඥයන් බිය ගැන්වීම ට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා. බලහත්කාරයෙන් රඳවා නොගෙන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා යැයි ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.
 
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සහ බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී ෆායිස් ඇතුළු ආධාරකරුවන් විසින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ. 
 
සමස්ත ලංකා මහජන කොංගසයේ සභාපති අමීර් අලී, මුස්ලිම් කොංග්‍රසයේ අර්ෂාඩ් නිසාම්දීන්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයන් ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.
 

 
 
බදියුදීන්ට පාර්ලිමේන්තු ඒමට අවසර..!
 
මේ අතර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට දැනුම්දීමක් කරමින් දන්වා ඇත්තේ, රඳවා තබා⁣ගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට ඉල්ලීමක් කළහොත් අවශ්‍ය පියවර ගන්න ලෙසයි. 
 
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද (30) කැමැත්ත පළකර ඇත.
 
ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමක් අනුවය. 
 
Rishad Protest 4
Rishad Protest 2
Rishad Protest 1

 

 


THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්