ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට අනිවාර්ය කෙරෙන ආකාරයේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) ප්‍රකාශයට පත් කෙරින.
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කළ නියෝගය එම තීන්දුවයි.
ඉදිරි ජනපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තමන් පවසා නොමැති බව කියමින් දේශපාලනික වශයෙන් තොදොල් වෙමින් සිටින විපක්ෂ නායකයා මෙම අධිකරණ තීන්දුවෙන් බිත්තියටම හේත්තුකර තිබේ.
එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) සම්මේලනය පවත්වා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ අනුව අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම්දීමේ වගකීම විපක්ෂ නායකවරයා වෙත පවරා ඇත.
එසේ තිබිය දී ජුලි 21දා කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි ජනපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තමන් පවසා නොමැති බවයි.
දිනේෂ්ගේ සිහිනත් බිඳ වැටේ !
මේ අතර ගෝඨාභය රාජපක්ෂට නීතිමය බාධාවක් මතුවී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන දිනේෂ් ගුණවර්ධනට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුන තීන්දුව එතරම් යහපත්වී නැතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින නඩු හේතුවෙන් ඔහුගේ අපේක්ෂකත්වයට යම් බාධාවක් එල්ලවුවහොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂය.
අද නියෝගය:
කෙසේවුවද, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරුණු ලැබීය.
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.
අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත් හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කළේය.
සමාජ මාධ්‍ය කතිකාවක් !
මෙසේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව ඇත.
කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර තිබුනේ මෙසේය.
''අන්න සුපරිමාදිකරණය ගෝටගෙ මාපියන්ගෙ සොහොන මහජන මුදලින් හදපු නඩුව අහන එක මාස තුනක් වලක්වන්න කියල.
සුපිරි තමා''
එම පොස්ටුවට ලැබුන ප්‍රතිචාර සම්බන්ධයෙන් තවත් පොස්ටු දෙකක් පළකර ඇති කලම්බු ටෙලිග්‍රාෆ් සංස්කාරකවරයා මෙසේ සඳහන් කර ඇත.
''නීතියානුකූලව අධිකරණයට කෙලින විදිය ඉඟෙන ගන්න හැමෝම!''
''මිනිස්සු හැමෝම බය නැතිව අධිකරණය විවේචනය කරන්න පුරුදුවෙන්න!
අධිකරණයට අපහාස කිරීම කියන්නෙ වෙනෙම දෙයක්''
ගෝඨාගේ නඩු සම්බන්ධයෙන් දේශය FB පිටුවේ පලවී ඇති පොස්ටුවක සඳහන් වන්නේ මෙසේය.
අනේ නිකන් පලයන් බයගුල්ලෝ යන්න
මේ අතර ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයාවිම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නැමති සමාජ මාධ්‍ය FB පිටුවේ ''අපේ ගෙදර ඡන්ද තුනම මෙතුමාට !'' නමින් මෙවැනි පොස්ටුවක් පළ කර ඇත.
I