කථානායක මහින්ද යාපා අඅබේවර්ධන පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් පැවසුවේ එම පනත් කෙටුම් පතේ සමහර
වගන්ති සඳහා විශේෂ, එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර සමහර වගන්ති සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය බවය.
 
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ කරන සංශෝධන සිදු කරන්නේ නම් සමාන්‍ය බහුතර ඡන්දයෙන් පනත සම්මත කළ හැකි බව එහිදී වැඩිදුරත් කියැවිණි.
 
 
 
 
එහෙත් අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පීරිස් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ රජය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලැබ ඇති සංශෝධන පිළිගන්නේ නම් අදාළ පනත සරල බහුතරයකින් සම්මත කරගත හැකි යයි දැනුම් දී ඇති බවත් රජය එම ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන සියල්ලම පිළිගෙන අදාළ පනතට අනුගත කරන බැවින් එයට විශේෂ බහුතරය හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්ය.
 
 
නිතීඥ සුරේන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති සංශෝධන හරහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යම් තාක් දුරකට පාර්ලිමේන්තු ග්‍රහනයකට ලක් කිරීමටත්, ලබා දීමට බලාපොරොත්තු වූ අසීමිත බලය කප්පාදු කිරීමටත් හැකිවී ඇති බවය.
 
 

Screenshot 2021 05 18 at 21.38.07

 
 
අදාළ පනත් කෙටුම්පතේ විශේෂ බහුතරය නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති:
 
 
3 (4) වගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වන්නා වූ, සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග පිළියෙල කිරීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව වගකිව යුතුය.
 
වරාය නගර කොමිෂන් සභාවට අයත් බලතල සඳහන් 6 වෙනි වගන්තියේ (ද) උපවගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වීම සඳහා නියම කරනු ලැබිය හැකි සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග සෑදීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම.
 
වරාය නගර කොමිෂන් සභාවට අයත් බලතල සඳහන් 6 වෙනි වගන්තියේ (ද) උපවගන්තිය: කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වීම සඳහා නියම කරනු ලැබිය හැකි සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග සෑදීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම.
 
 
52 (3) වගන්තිය: යම් ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව, ඒ ව්‍යාපාරයට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට ස්වකීය කටයුතු කිරීමට අදාළ වන තාක්දුරට නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි ප්‍රදානය කරනු ලැබිය හැකිය. 
බදු හා සම්බන්ධ නිදහස් කිරීම් සම්බන්ධයෙන් වන විට, ඒ නිදහස් කිරීම් II වන උපලේඛනයේ දක්වා ඇති සියලුම හෝ යම් නීතිවලින් සහ මුළුමනින්ම හෝ කොටසක් වශයෙන් ප්‍රදානය කරනු ලැබිය හැකිය.
 
 

ශ්‍රී ලංකා සිතියම වෙනස්කරමින් කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

 
ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරවල විස්තර, නියමයක් මඟින් නිශ්චිතව දැක්වෙන 53 වගන්තියේ 2 (ආ) උපවගන්තිය: මේ පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින්, ඒ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාළ වීමෙන් නිදහස් කිරීමට යෝජනා කරන නිශ්චිත පනත් කවරේද යන්න සහ වෙනත් යම් දිරිගැන්වීම්.
 
 
53 (3) (ආ) වගන්තිය: මේ පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින් ඒ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාළ වීමෙන් නිදහස් වන නිශ්චිත පනත් කවරේද යන්න සහ ප්‍රදානය කරන ලද වෙනත් යම් දිරිගැන්වීම්.
 
වැරදි සම්බන්ධයෙන් අදාළ 68 (1) (ඊ) වගන්තිය: මේ පනත ප්‍රකාරව සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන යම් රීතියක්, සංග්‍රහයක්, විධානයක් හෝ මාර්ගෝපදේශයක් කඩකරන හෝ ඊට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන,
 
 
52 (5) වගන්තිය: මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි, නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ අවශ්‍ය විය හැකි යම් වැඩිදුර මාර්ගෝපදේශ නියම කරමින් නියෝග සාදනු ලැබිය හැකිය.
 
 
 
68 (3) (අ) වගන්තිය: වෙනත් යම් නීතියක අන්තර්ගත විධිවිධානවල කුමක් සඳහන් වුව ද, මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදනු ලබන, නිකුත් කරනු ලබන හෝ පනවනු ලබන යම් නියෝගයක, රීතියක, විධානයක, නියමයක හෝ අවශ්‍යතාවයක විධිවිධානයක් කඩකරන හෝ ඊට අනුකූලවීම පැහැර හරින යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් ලක්ෂ පහකට අඩු නොවන සහ රුපියල් මිලියන එකකට වැඩි නොවන දඩයකට හෝ මාස තුනකට අඩු නොවන සහ අවුරුදු එකක් නොඉක්මවන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.
 
 
71 (2) (ජ) වගන්තිය: 52 වන වගන්තියේ කාර්ය සඳහා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම හා සම්බන්ධ යම් වැඩිදුර මාර්ගෝපදේශ නිශ්චිතව දැක්වීම;
 
 
 

 118139858 gettyimages 1187045787

 
 
 
විශේෂ බහුතරය නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වගන්ති:
 
 
3 (5) වගන්තිය: කොමිෂන් සභාව විසින් එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී, යම් නියාමන අධිකාරියකට අදාළ වන ලිඛිත නීති මඟින් එසේ කිරීමට නියම කර ඇති අවස්ථාවක, ඒ නියාමන අධිකාරිය සතු හෝ ඊට පවරනු ලැබ ඇති විෂයයන් සම්බන්ධයෙන් මේ පනතේ නිශ්චිතව විධිවිධාන සලස්වා ඇති තාක් දුරට ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතුය.
 
එසේ වුව ද, ඉල්ලා සිටිනු ලබන අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ඒ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සීමා විය යුතුය.
 
 
3 (6) වගන්තිය: කොමිෂන් සභාව විසින් ඒ එකඟත්වය ඉල්ලා සිටිනු ලබන්නේ යම් අදාළ නියාමන අධිකාරියකින් ද, ඒ අදාළ නියාමන අධිකාරිය විසින්, අවස්ථානුගත කරුණු අනුව ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මණින්, ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත දිය යුතු ය.
 
 
3 (7) වගන්තිය: මේ පනතේ අන්‍යාකාරයකින් විශේෂිතවම විධිවිධාන සලස්වා ඇත්නම් මිස, මේ පනතේ කිසිවකින්, යම් ලිඛිත නීතියකින් යම් නියාමන අධිකාරියක් වෙත සතු කර දී ඇති බලතල, කාර්ය සහ කර්තව්‍ය, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය සම්බන්ධයෙන් කවර ආකාරයකින් හෝ සීමා කරනු ලබන ලෙසට සලකනු නොලැබිය යුතුය.
 
 
6 (1) (ආ) කොමිෂන් සභාව විසින් අවශ්‍ය යයි සලකනු ලබන පරිදි, අදාළ නියාමන අධිකාරීවල එකඟත්වය ඇතිව, මේ පනත ප්‍රකාරව කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදු කරන සියලු ආයෝජන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් වන සමස්ත නියාමන අධීක්ෂණය සහ පාලනය සඳහා පහසුකම් සැලසීම සහ එය ක්‍රියාත්මක කිරීම:
 
 
30. (1) වගන්තිය: මේ පනතේ VII වන කොටසට, VIII වන කොටසට සහ 33 වන වගන්තියට යටත්ව, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවානියුක්ත වීමට හෝ ඊට පැමිණීමට ලියාපදිංචියක්, බලපත්‍රයක්, බලය ලබාදීමක් හෝ වෙනත් අනුමතයක් සඳහා කොමිෂන් සභාව වෙත කරනු ලබන යම් ඉල්ලීමක් පිළිගන්නේ ද නැතහොත් සාධාරණ හේතුවක් මත ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න කඩිනමින් සහ සම්බන්ධිත ආකාරයෙන් සලකා බලා තීරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා කොමිෂන් සභාව විය යුතු ය.
 
 
30 (3) වගන්තිය: කොමිෂන් සභාව විසින් ඒ ලියාපදිංචිය, බලපත්‍රය, බලය ලබාදීම හෝ වෙනත් අනුමතය ලබා දීමේ ක්‍රියාවලියේ දී, අදාළ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති මඟින් ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතු යයි නියම කරන අවස්ථාවක දී, ඒ අධිකාරිය සතු හෝ ඒ අධිකාරිය වෙත පවරනු ලැබ ඇති විෂයයන් සම්බන්ධයෙන් සහ මේ පනතේ විශේෂයෙන් විධිවිධාන සලසා ඇති ප්‍රමාණය තෙක්, ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබා ගත යුතුය.
 
 
33. (1) වගන්තිය: කොමිෂන් සභාව, ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා වශයෙන්, බලයලත් තැනැත්තකුට, බලයලත් තැනැත්තකුගේ යම් උපදේශකයකුට හෝ බලයලත් තැනැත්තකු විසින් විශේෂයෙන් බලය ලබාදෙන ලද යම් තැනැත්තකුට හෝ බලයලත් තැනැත්තකුගේ සේවා නියුක්තයකුට, සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවයේ නියුක්ත වීමට හෝ ඊට පැමිණීමට අදහස් කරන තැනැත්තකුට අවශ්‍ය විය හැකි වීසා බලපත්‍රයක්, ඇතුළුවීමේ අවසර පත්‍රයක් හෝ වැඩ කිරීමේ අවසර පත්‍රයක් සහ වෙනත් අනුමතයන් සඳහා වන ඉල්ලීමක් භාරගැනීම සහ ඒවා පිරිසැකසීම සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය විය හැකි පරිදි කරනු ලැබිය යුතුය.
 
 
40 (2) වගන්තිය: ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ වාසිකයකු (1) වන උපවගන්තියේ දක්වා ඇති පරිදි සිල්ලර වෙළඳ පහසුකමකින් මිල දී ගනු ලබන භාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයෙන් පිට වී යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු, නියම කරනු ලබන පරිදි විය යුතු ය.
 
 
55 (2) වගන්තිය: සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය විසින් අවස්ථානුගත කරුණු අනුව ප්‍රමුඛතා කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.
 
 
58. (1) වගන්තිය: කොමිෂන් සභාව විසින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් එකඟත්වය ඉල්ලා සිටින අවස්ථාවක, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අවස්ථානුගත කරුණු අනුව, ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින්, ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණක් ලෙස සලකා, කොමිෂන් සභාව වෙත ඒ එකඟත්වය ලබා දෙනු ලැබිය යුතුය.
 
 
60 (ඇ) වගන්තිය: මේ පනත මඟින් බලය දී ඇති පරිදි කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ කොමිෂන් සභාව විසින් පනවන ලද, ප්‍රදේශවලට අදාළ බදු සහ අයබදු එකතු කිරීමට පහසුකම් සැලසීම සහ කළමනාකරණ ගාස්තු, උපයෝගීතා අයකිරීම්, වාහන ගාල් කිරීමේ අයකිරීම්, භාවිත කිරීමේ ගාස්තු සහ එවැනි වෙනත් ගාස්තු හෝ අයකිරීම් ඇතුළු කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සපයනු ලබන සේවාවන් සඳහා වන ගාස්තු සහ අයකිරීම්, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සිටින බලයලත් තැනැත්තන්ගෙන්, බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන්ගෙන්, වාසිකයන්ගෙන්, පදිංචිකරුවන්ගෙන් සහ ආගන්තුකයන්ගෙන් එකතු කිරීම.
 
 
60 (ඊ) වගන්තිය: කොමිෂන් සභාව විසින් පනවනු ලබන සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළට අදාළ දේශීය වරිපනම්, බදු, අය බදු සහ එවැනි වෙනත් අයකිරීම් කොමිෂන් සභාව වෙනුවෙන් එකතු කිරීම සහ එසේ එකතු කරන ලද මුළු මුදල් ප්‍රමාණය, කොමිෂන් සභාව විසින් විධාන කරනු ලබන පරිදි බැංකු ගිණුමකට බැර කිරීම.
 
 
71 (1) වගන්තිය: ජනාධිපතිවරයා විසින් හෝ කොළඹ වරාය නගරය විෂයය අමාත්‍යවරයකුට පවරනු ලබන අවස්ථාවක දී, ඒ අමාත්‍යවරයා විසින්, කොමිෂන් සභාව සහ අවශ්‍ය යයි සලකනු ලබන යම් අදාළ නියාමන අධිකාරියක් විමසා, නියෝග මඟින් නියම කරනු ලැබිය යුතු බවට මේ පනතින් නියමිත හෝ නියෝග සාදනු ලැබීමට මේ පනතින් බලය දී ඇති සියලු කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය.
 
 
71 (2) (ඔ) වගන්තිය: 39 වන වගන්තියේ කාර්ය සඳහා, ශ්‍රී ලංකා රුපියල් නොවන, යම් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ලැබුණු මුදල් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සහ පවත්වාගෙන යනු ලබන නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට ප්‍රේෂණය කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය නිශ්චිතව දැක්වීම.
 
 
(බීබීසී සිංහල සේවය)
THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්