leader s

 සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අතර ඊයේ දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. 
 
ඔහු පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද සහභාගී ඇත. 
 
මේ අනුව බරපතල අවධානමක් මතුව ඇති බැවින් පාර්ලිමේන්තු කටයුතු දින කිහිපයකට අත්හිටුවන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  කිහිප දෙනෙකු හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසක් කල ඉල්ලීම ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වසාදැමීම ගැන තීන්දුවක් ගතහැකි බව ආණ්ඩුවේ ප්‍රබලයකු දැනුම් දී ඇතැයි පැවසේ.
 
චීන විදේශ ඇමති වැන්ග් යී තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මතකර ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇත. 
 
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කරන දෙවැනි සංචාරය මෙයයි.
 
 
###############
 
 
THE LEADER TV 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයා ගෙන් විමර්ශනයක් ? 
 

 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්