ඉදිරි දින කිහිපයේ දිවයින හරහා හමන සුළං තත්ත්වයේ සහ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
 එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ  අඩු පීඩන තත්ත්වය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
 
තවද දිවයින හරහා හමන සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. (40-50) දක්වා වැඩිවිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළ‍ඟේ වේගය පැයට කි.මී. (50 – 55) දකවි වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් ය.
 
 
 
දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු නිකුත් කරයි
 
 
 
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
 
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
 
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.
 
එම ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්‍ෂණ පවතින ප්‍රදේශවල, කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියි.
 
 
ගුවන් හමුදාව සුදානමින් :
 

1621771117 sl air l

 
 අයහපත් කාලගුණය සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු වෙනුවෙන්, ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් සුදානමින් තබන්නැයි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මේවනවිට උපදෙස් දී තිබේ.
 
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුශාන් විජේසිංහ සඳහන් කළේ, ඒ අනුව හෙලිකොප්ටර් 09 ක් සුදානම් කර ඇති බවයි.
 
මුදවා ගැනීම් සඳහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ කාර්යය බලකා භට පිරිස් ද සුදානම් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
 
 
 
 
ගංවතුර මුනදෙන්න නාවික හමුදාව සීරුවෙන් :
 
 
 
 
 පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පාළාතේ ප්‍රදේශ කිහිපයක් සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 4 ක් ස්ථානගත කර තිබේ.
 
ඒ අනුව දකුණු නාවික විධානය මගින් සහන කණ්ඩායම් 04ක් තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හිනිදුම සහ ඒප්පල ප්‍රදේශයේත්, නාගොඩ ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ නාගොඩ ප්‍රදේශයේත් ස්ථානගත කර ඇත.
 
එමෙන්ම ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 8 ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් ඇතැයි, නාවික හමුදාව පවසයි.
 
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයෙහි සහන කණ්ඩායම් 26ක් ද, උතුරු මැද නාවික විධානයෙහි සහන කණ්ඩායම් 5 ක් ද සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විට සූදානමින් තබා ඇත.
 
 
 
 

             


THE LEADER TV 
 
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
 

 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්