කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙරට සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් ඇති විය හැකි බව මධ්‍යම
පරිසර අධිකාරිය පවසයි.
 
එහි සභාපති එස්. අමරසිංහ පැවසුවේ නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බවයි.
 
නෞකාව තුල නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බව ඔහු පැවසිය. එමෙන්ම නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වේ.
 
එබැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
 

ජනපතිගෙන් නියෝගයක් :
 
එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඊයේ ( 26) උපදෙස් දී තිබිණ.
 
එවැනි ආපදා කළමනාකරණය කිරීමට ලොව වෙනත් රටවල් අනුගමනය කළ ක්‍රමවේද ගැන සැලකිලිමත් වන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
 
කෙසේවුවද මෙම නැව යම් හෙයකින් සම්පූර්ණයෙන්ම විනාශ වුවහොත් ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර මෙසේ පැවසුවාය. 
 
 

 
 
ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව නැහැ 
 
 
ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට මේ දක්වා සමත්ව නොමැත. 
 
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.
 
නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා කියයි.
 
නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.
 
 
 

Air Pic 202105.27

 
 
ගුවන් හමුදාවත් මෙහෙයුමට එක්වේ 
 
 Screenshot 2021 05 27 at 11.11.37 AM
 
 
 
මේ අතර ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වලට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එක්ව සිටියි. ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක් ඊයේ (26) දිනයේ මෙම මෙහෙයුමට එක්කර තිබිණ.
 
මෙම ගුවන් යානය මගින් ගිනි ගන්නා නැව වෙත රසායන ද්‍රව්‍ය පවුඩර් කිලෝ ග්‍රෑම් 425ක් හෙලීම ඊයේ දිනයේ සිදුකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක පවසයි. 
 
 
 

 
 
THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්