Tag

පොහොට්ටු පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ කර ගැනීමට දරන උත්සාහය ගෝඨාභයට අවාසිසහගත බව ජාතික චින්තනයේ ප්‍රධානි මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ මහ සංඝරත්නය ඇතුළු ජාතික බලවේග විසින් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දැන් කිරීමට ඉතිරි වී ඇත්තේ එය අනුමත කිරීම පමණක් බවත් නලින් සිල්වා කියා සිටියි.

ජාතික චින්තනයේ “කාලය” වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරමින් ඔහු එම කාරණය අවධාරණය කර තිබේ. 'පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම' යන ශීර්ෂයෙන් පළකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදවනවිට මරා ඇති බවත් ඒ සඳහා කුමන්ත්‍රණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉගෙනගත් බැසිල් රාජපක්ෂ බවත් නලින් ද සිල්වා එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ශ්‍රීලනිපය මරා දැම්මේ බැසිල් !

''අද ශ්‍රී ල නි පක්‍ෂය මරා දමලා. එය මරා දැම්මේ බැසිල් බවයි මගේ අදහස. බැසිල් වැඩ ඉගෙන ගත්තේ එජාපයෙන්. විශේෂයෙන් ම ගාමිණී දිසානායකගෙන්. මහින්දගේ ආණ්ඩුව තියෙන කාලයේ ශ්‍රී ල නි පාක්‍ෂික ප්‍රබලයන්ට ආණ්ඩුව එපා කෙරෙව්වේ බැසිල් නාමල් වැනි අය.

මෛත්‍රිපාලගෙන් අහන්න. අද පොහොට්ටුවට එක් වී හෝ එක්වීමට හෝ සිටින සුසිල් ප්‍රේමජයන්ත අද මොනවා කීවත් මෛත්‍රිපාල සමග යහපාලන ගුබ්බෑයමට ගිය අයෙක්. ඔහුගෙන් අහන්න ඔහු එසේ ගියේ ඇයි ද කියා.

Text 24

පොහොට්ටුව බැසිල්ගේ නිර්මාණයක් නොවෙයි. මහින්ද සුළඟ නිර්මාණය වූ දවස්වල බැසිල් හිටියේ කැලිෆෝනියා සුළඟේ ආශ්වාදය විඳිමින්. දිනේෂ්ලා විමල්ලා වාසුලා ගම්මන්පිළලා ගොඩ නැගු දේශපාලන ව්‍යාපාරයකට බැසිල් පසුව පැමිණ නමක් හා ලිපිනයක් දුන්නා පමණයි.

අද පොහොට්ටුව කපන්න බැරි අත සිඹින්නාක් මෙන් ගෝඨාභය තමන්ගේ බවට පත්කර ගන්න හදනවා. එහෙත් ගෝඨාභය ඉල්ලනු ලැබ සිටියේ ජනතාව විසිනුයි. මුල දී පොහොට්ටුව ගෝඨාභය ඉල්ලා සිටියා ද?

ගෝඨාභය ජනතාව විසින් භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කෙරි බොහෝ කල්. ඒ ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ඇත්නම් එයට බොහෝ කලකට පෙර. පොහොට්ටුවට ලබන එකොළොස්වැනි දා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමට දෙයක් ඉතිරි වී නැහැ. ඔවුන්ට කළ හැක්කේ ඒ නම අනුමත කිරීම පමණයි.

එහෙත් අද පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීමට උත්සාහ කරනවා. එය ගෝඨාභයට අවාසියි.

Text 25

පොහොට්ටුව නිසා ගෝඨාභයට විරුද්ධ වන පිරිසක්!

රාජපක්‍ෂලාගෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගෙන ඇත්තේ මහින්ද හා ගෝඨාභය පමණයි. ඒ වෙන් අන්කිසිවක් නිසා නොවෙයි කොටි පරාජය කළ මෙහෙයුමට නායකත්වය දුන් නිසා. අනෙක් රාජපක්‍ෂලාගෙන් එහි දී සිදු වූ සේවයක් නැහැ. ට්‍රොයිකා සාකච්ඡාවල දී මෙන් ඔවුන් කටයුතු කර ඇත්තේ අනෙක් පැත්තට.

මහින්ද 2015 දී පැරදෙණ විටත් බැසිල් සංවිධායක. 2018 පෙබරවාරි මැතිවරණයේ දී පොහොට්ටුවට ලැබුණේ ඡන්ද 40%ක් පමණයි. පොහොට්ටුව උද්ධච්ඡ වී තමන්ට පමණක් දිනන්න පුළුවන් කියා හිතුවාට එසේ කරන්න බැහැ. ගෝඨාභය තමන්ගේ කර ගැනීමෙන් කොහොමටවත් දිනන්න බැහැ. පොහොට්ටුව නිසා ගෝඨාභයට විරුද්ධ වන පිරිසක් ඉන්නවා.

දිනේෂ් -විමල් බැසිල්ගේ ගැටේට අහුවුනේ නැහැ :

අද අවශ්‍ය වන්නේ ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේ පුළුල් සංධානයක්. පොහොට්ටුව ක්‍ෂුද්‍ර පක්‍ෂ දහයක් සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කරලා. මේ පක්‍ෂ ගැන බොහො දෙනා අසාවත් නැහැ. පොහොට්ටුව උද්ධච්ඡකමට මඑපෙ, ජානිපෙ ආදී පක්‍ෂ සමගත් වෙන වෙන ම ගිවිසුම් අත්සන් කරන්නයි බලාපොරොත්තු වුණේ. එහෙත් ඒ පක්‍ෂ එයට කැමති වුණේ නැහැ. බැසිල්ගේ ගැට හැම තැන ම ගහන්න බැහැ. මේ ගැට දේශපාලනයෙන් මිදෙන්න ඕන.

ශ්‍රී ල නි පක්‍ෂය අද බොහෝ දුර්වලයි. පසුගිය පෙබරවාරියට වඩා දුර්වලයි. එහෙත් ඔවුන්ටත් යම් බලයක් තියෙනවා. අර පක්‍ෂ දහය එකතු කර ගත්තත් ශ්‍රී ල නි පක්‍ෂයට ඊට වඩා විශාල බලයක් තියෙනවා. අද අවශ්‍ය වන්නේ පනස්හයේ මෙන් සංධානයක්. පනස්හයේ ම එ පෙ කියන්නෙ සංධානයක්.

අවාසනාවකට බැසිල් පනස්හයේ දරුවකු නොවෙයි. ඔහු පනස්හයට පටහැණිව යනවා. එහෙත් මහින්දත් මෛත්‍රිපාලත් දිනේෂුත් පනස්හයේ දරුවෝ.

Text 26 

මහින්ද හා මෛත්‍රිපාල හැකි ඉක්මණින් හමුවන්න ඕන. අවශ්‍ය පනස්හයේ මෙන් සංධානයක් මිස ඒ ඒ පක්‍ෂ සමග ඇති කර ගන්නා ඊනියා ගිවිසුම් නො වෙයි. ගෝඨාභය අයත් වන්නේ එවැනි සංධානයකට මිස පොහොට්ටුවට නොවෙයි. පොහොට්ටුව කපන්න බැරි අත සිඹිමින් ගෝඨාභය තමන්ගේ කර ගැනීමට වෙහෙසෙන්නේ රටේ යහපතට නම් නො වෙයි.

පොහොට්ටු ස්මාට් ජාතිකවාදීන්!

පොහොට්ටුව ස්මාට් ජාතිකවාදීන් යැයි කියා ගන්නා සිංහල බෞද්ධ විරොධීනට මිස ජාතිකවාදීන්ට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් ජාතිකවාදීන් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසයි. මෙයට ප්‍රධාන හේතුව බැසිල්ටවත් ඔහුගේ රුකඩයක් වූ ජී.එල්. පීරිස්ටවත් ජාතිකත්වයක් නොමැති වීමයි.

නලින් ද සිල්වාගේ සම්පුර්ණ ලිපිය 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්