1990 සුවසැරිය සඳහා ලංකාවට ගිලන් රථ ලැබුණේ නොමිලේ බවත්, ඒ වෙනුවෙන් සියළුම මුදල් ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ඒ සඳහා ලංකාවේ ජනතාවට කිසිදු මුදලක් ගෙවීමට සිදු නොවුබවත් ඔහු අවධාරණය කර සිටියි.
 
ආචාර්ය හර්ෂ ද සිල්වා එබව සඳහන් කර ඇත්තේ,  ''මේ ගිලන් රථ ලැබී තිබෙන්නේ නොමිලේ නොවේ.'' . ''සල්ලි වලට තමයි අරන් තියෙන්නේ. අපේ සල්ලි වියදම් කරලා තමයි ගෙනත් තියෙන්නේ.'' ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක සිදුකෙරෙන ප්‍රචාරයට ප්‍රතිචාර දක්වමිනි.
 
 
 1990 IMG3
 
 
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.
 
 
''1990 සුවසැරිය ආරම්භ කළදා පටන් අභියෝග පිට අභියෝග පැමිණි බව නොරහසකි. එම අභියෝගයන්ට මා සියළු අවස්ථාවන්හිදී නොබියව මුහුණ දුන්නේ මෙය හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් පමණක්මැයි මාගේ හෘද සාක්ෂිය දන්නා බැවිනි. 
 
මෙම වැඩසටහන ජනතාව විසින් බදා වැළඳගැනීම නිසා මෙයට එරෙහි වූවන්ගෙන් ඇතමුන් මෙහි ගුණ ගායනා කළේ කපන්න බැරි අත සිඹිනවා යන න්‍යායෙනි. 
 
යළිත් සුවසැරියට පහරදීමට ඔවුන්ට පොටක් පෑදී තිබේ. 
 
“මේ ගිලන් රථ ලැබී තිබෙන්නේ නොමිලේ නොවේ.“ “සල්ලි වලට තමයි අරන් තියෙන්නේ. අපේ සල්ලි වියදම් කරලා තමයි ගෙනත් තියෙන්නේ.“ යනුවෙන් මහා අවලාද රැල්ලක් මොවුන් විසින් මේ වනවිට සමාජ මාධ්‍ය භාවිතා කරමින් පතුරුවමින් තිබේ. 
 
මා මේ අදහස් දැක්වීම සිදුකරන්නේ එම කුහකයින්ට නොවන අතර මේ තුළින් වැරදි අදහසක් ලබාගැනීමට හැකියාව තිබෙන මෙම සේවාවෙන් අනුපමේය සේවාවක් ලබාගන්නා ජනතාවටයි. 
 
 
 

1990 IMG2

 
 
 
මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේයි.  ඒ සඳහා මෙරට බදු ගෙවන ජනතාවගෙන් කිසිදු මුදලක් වියදම් කළේ නැත. ඒ වෙනුවෙන් වැයවූ සියළු මුදල් ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලෙසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. එය ණයක් නොවේ. යළි ගෙවිය යුතු නැත. එසේ නම් කුහකයින් සුළු පිරිසක් මෙම ගිලන් රථ මුදල් වලට අරගෙන තිබෙනවා යැයි එක පාරටම කියන්නට පටන්ගෙන තිබෙන්නේ ඇයි? 
 
 
 
එක් ගිලන් රථයක් ලක්ෂ 194 කට මිලදීගැනීමේ සුදානම !
 
 
වර්තමාන රජය විසින් ගිලන් රථ 10 ක් මිලට ගන්නා විට එහි මිල වැඩියැයි මා සඳහන් කළා. වර්තමාන රජය විසින් එක් ගිලන් රථයක් රුපියල් ලක්ෂ 194 කට මිලදීගැනීමට කටයුතු කරන විටයි මා මේ අදහස් දැක්වීම කළේ. එහිදී, මා පැවසුවේ සියළු උපකරණ සහිතව 2018 මාර්තු මාසයේදී සුවසැරිය ගිලන් රථයක් මිලට ගත්තේ රුපියල් ලක්ෂ 54 ක පමණ මිලකට බවයි. 
 
 
ඉන්දීය රජය විසින් සුවසැරිය ගිලන් රථ සියල්ල සහ එයට අවශ්‍ය සියළු උපකරණ මිලදී ගැනීමට, ප්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවීමට, සියළු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුහුණු කිරීමට, 2018 මැද භාගය දක්වා සියළු සේවකයින්ගේ වේතන ගෙවීමට සහ සියළු ගිලන්රථ නඩත්තු කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22.7 ක ආපහු ගෙවන්න ඕන නැති පරිත්‍යාගයක් අදියර දෙකකින් කළා. 
 
ඒ මුදල් වලින් තමයි, ටාටා සමාගමෙන් ගිලන් රථ ඇතුළු උපකරණ මිලදී අරගෙන තිබෙන්නේ. මෙම ගිලන් රථ වලට අවශ්‍ය සමහර උපකරණ ඇමරිකාවෙන් පවා මිලදීගෙන තිබෙනවා.
 
 නමුත්, මේ සඳහා ගියපු සියළුම මුදල් ගෙවලා තිබෙන්නේ ඉන්දීය රජය ලබාදුන්නු ප්‍රදානයෙන්. ඒ වෙනුවෙන් ලංකාවේ ජනතාවගෙන් සත පහක මුදලක් වියදම් කරලා නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ තමයි. ඒකේ කතා දෙකක් නෑ. 
 
ඉතිං තාමත් මේ ව්‍යාපෘතියට මේ වගේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් සිටීම පිළිබඳව මා ඇත්තටම කණගාටු වෙනවා. 
 
ජනතාවගේ දැනගැනීම සඳහා 2018 මාර්තු මාසයේ මිලදීගෙන තිබෙන මෙම ගිලන්රථ සහ උපකරණවල මිල ගණන් මා ඉදිරිපත් කරනවා. 
 
 
 
මෙහිදී, Winger ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 19,130 කට. මෙයට TATA winger රථයක් ගිලන් රථයක් බවට හැරවීමට ගිය පිරිවැයද ඇතුළත් වෙනවා. එයට අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම මෙම ගිලන් රථ මෙරටට ගෙන්වීම සඳහා නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට ඇමරිකානු ඩොලර් 15,798 ක් වැයකර තිබෙනවා. 
 
 
ඒ කාලේ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 156 ක් පමණ වෙනවා. මේ අනුව, මේ ගිලන් රථයක් මිලදීගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 30 ක් වගේ මුදලකට. ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගැනීමට මෙන්ම නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට රුපියල් ලක්ෂ 24 ක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. ඒ කියන්නේ ගිලන් රථයක් සහ එයට අවශ්‍ය සියළුම උපකරණ සහ ඖෂධ මිලදීගැනීම ඇතුළු සියළු වියදම් සඳහා වැයකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 54 ක් වගේ මුදලක්. අද තිබෙන විනිමය අනුපාතයට අනුව බැලුවත් මේ සඳහා වැයවෙන්නේ රුපියල් ලක්ෂ 70 ක් වගේ මුදලක්. 
 
මෙම ගිලන් රථවල Automatic External Defibrillator, Pulse oxymeter, oxygen cylinders, patient monitoring equipment, mobile phone ඇතුළු උපකරණ රැසක් තිබෙනවා. මෙම ගිලන් රථයක තිබෙන උපකරණ පිළිබඳව සම්පූර්ණ ලයිස්තුවක සේයාරුවක්ද මා මෙහි පළකරනවා.  
 
 
මේ වියදම් සඳහා මුදල් සියල්ල ලබාදුන්නේ ඉන්දීය රජය විසින්. ඒ සඳහා ලංකාවේ ජනතාවට කිසිදු මුදලක් ගෙවන්න වුණේ නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ. කුහකයින්ට දැන්වත් තේරුණාද දන්නෙ නෑ?   
 
 

 
 
 
 
THE LEADER TV 
 
 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්