leader s

 මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට වෙත රැගෙන යමින් සිටි බසය ආපු හරවා එවන්නැයි පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර ගෙන්
නියෝගයක් ලැබී තිබුන බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ලක්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා, ඔවුන් රැගෙන යමින් සිටි බසය තුළ සිටි පොලිස් පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් බසය වහාම ආපසු කොළඹට රැගෙන එන්නැයි නියෝගකර ඇතැයි පැවසේ.
 
කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.
 
නිරෝධායනයට යොමුකර පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද වේ.
 
පෞද්ගලික රෝහලක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ඔහුව තම භාරයට ගෙන ඇත. 
 
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
 
පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.  
 
කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.
 
නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.
 
 

 
 

 
THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්