විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි එළිපිට ප්‍රකාශ නොකර ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සුදානම් වන්නැයි

කියමින් දේශපාලනික වශයෙන් කල් මැරීමේ ස්ථාවරයක් ගෙන සිටියදී, ජනාධිපති අපේක්ෂකත්වය කෙසේ හෝ ගෝඨාභයට ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥ මණ්ඩලය හා සිංහල-බෞද්ධ 'ජාතික සංවිධාන එකමුතුව' ඉතා සැලසුම් සහගත දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

'ද ලීඩර්' වෙත වාර්තාවන පරිදි ඊට අදාල මෙහෙයුම සැකෙවින් මෙසේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා වූ ලියකියවිලි එරට රජය වෙත නිලවශයෙන් බාරදී ඇති අතර එම ඉල්ලුම්පත ලැබුන බව දන්වා මේ වනවිට එරට බලධාරීන්ගෙන් පිළිතුරු ලිපියක් ද ලැබී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකානු පුරවැසිකම අත්හැරීමට ලිපි බාරදුන් බවත්, එම ලේඛන තමා ඇස් දෙකෙන්ම දුටුබවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගිය 25දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

''එම ලේඛන දැක්ක අය ඇත්තේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරින් එක්කෙනෙක් මම. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත් කිරීමයි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සම්බන්ධයෙන් වන අවසාන ලේඛනය එතුමාට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවන්නේ පසුගිය 2019 මැයි මාසයේ. පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ වාර්තාව ලබන මාසයේ මුල අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා.''

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා 'ද ලීඩර්' වෙත පැවසු පරිදි ගෝඨාභය රාජපක්ෂ මෙවර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට ගොස් ඇත්තේ ද ශ්‍රී ලංකාවේ වලංගු විදෙස් ගුවන් ගමන් බලපත්‍රයකිනි. ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැතැයි ඔහු ඉතා දැඩිලෙස අවධාරණය කළේය.

මහින්දගෙන් එල්ලවූ අභියෝගය !

Mahinda dinesh

අගෝස්තු 11 දින පැවැත්වීමට නියමිත 'පොහොට්ටු' පක්ෂ සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහා අගෝස්තු 10 දිනට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සාක්ෂි තමා වෙත ඉදිරිපත් කරන්නැයි මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂට මේ වනවිටත් දැනුම් දී තිබේ.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි ලැබුන බවට එරට රජය විසින් ලබාදී ඇති ලිපිය ඒ සඳහා ප්‍රමාණවත් නොමැති බව ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර ඇත.

මේ අනුව අගෝස්තු 10 පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින ගෝඨාභයගේ උපදේශකයින්, ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර තිබේ.

අර්බුදයට විසඳුම ඇමති වජිරගෙන්!

මේ අනුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් සහතිකයක් ලබාගැනීමටත් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පැමිණිල්ලක් ඉදිරිපත් කර සහනයක් ලබා ගැනීමටත් යෝජනා වී ඇත.

මෙහිදී තමා විසින් සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාල සියලු ක්‍රියාමාර්ග හා රාජකාරි කටයුතු නිමා කර ඇතිබවත්, ඒ අනුව තමාගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ තීන්දුව නොපමාව දැනුම් දෙන්නැයි ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ නීතිඥයින් උපදෙස් දී තිබේ.

මෙහිදී වජිර අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයින් විශ්වාසය පළකරති. මේ සම්බන්ධයෙන් මානුෂික ආකාරයෙන් කටයුතු කරන්නැයි අගමැතිවරයාගේ පවුලේ කිහිප දෙනෙකුගෙන් ද ගෝඨාභයගේ හිතවතකු ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලැබෙන ප්‍රතිචාරය පාදක කර ගනිමින්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයකු ලෙස තමන්ට ඉදිරිපත්වීමට ඇති අයිතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරමින් නීතිමය බාධා ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ නීතිඥයින් හරහා කටයුතු කරමින් සිටිති.

මෙම නීතිමය ක්‍රියාමාර්ග වලට සමාන්තරව එම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩු විරෝධී සමාජ බලවේග ගොනු කරමින් පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සබැඳි පුවත් :

ගෝඨාගේ ඇමරිකානු ලියකියවිලි 11දාට පෙර ප්‍රසිද්ධියට !

මහින්දව බිත්තියටම හේත්තු කරයි: ගෝඨා තවත් බාධකයක් ජයගනී

''ගෝඨාට ඇමරිකාවෙන් බාධාවක් නැහැ, ජනාධිපති ලෙස දිව්රුම් දෙනවා''

ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්!

ගෝඨා 'බාධකයක්' ජයගනී! - ඇමරිකාවෙන් සහතිකයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්