leader s

 මෙරට ප්‍රකට සංගීත විශේෂඥයකු වන 'ජිප්සීස්' සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කර තිබේ.
 
ඒ, ජිප්සීස් කණ්ඩායමේ ගීතයක පද පෙරළා සමාජ මාධ්‍යට මුදාහැර ඇති වීඩියෝවක් සම්බන්ධයෙනි.
 
මෙසේ පද පෙරළා සමාජ මාධ්‍යයට මුදාහැර ඇත්තේ, සුනිල් පෙරේරා "තාත්ත මට ඇනපු ටොක්ක" ගීතය ආශ්‍රයෙන් සැකසුන 'නන්දෙ' වීඩියෝවයි.  
 
ඔහු අදාළ පැමිණිල්ල කර ඇත්තේ පසුගිය 14 වැනිදාය.
 
මේ ගීතය ප්‍රචාරය වන්නේ තමාගේ කිසිඳු අනුදැනුමකින් තොරව බව සඳහන් කර ඇති සුනිල් පෙරේරා, තමාට මේ ගීතය විකෘති කිරීම සම්බන්ධයෙන් කිසිවකුට හෝ එරෙහිව බුද්ධිමය දේපළ පණත යටතේ හෝ වෙනත් කිසිඳු චෝදනාවක් යටතේ නඩු දැමීමට අවශ්‍යතාවයක් නැතැයිද සඳහන් කර තිබේ.
 
ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ හුදෙක්ම ජිවිත ආරක්ෂාව වෙනුවෙනි.
 
"තාත්ත මට ඇනපු ටොක්ක" ගීතය ආශ්‍රයෙන් සැකසුන 'නන්දෙ' වීඩියෝව පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් වේගයෙන් සංසරණය වෙමින් තිබිණ.
 
සුනිල් පෙරේරාගේ පැමිණිල්ලෙන් පසු 'නන්දෙ' වීඩියෝව යු ටියුබ් නාලිකාවෙන් ඉවත්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි වාර්තාවේ. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන පරිදි, මේ සඳහා මැදිහත්ව ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණයි. 
 
 
###########
THE LEADER TV 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්