පුද්ගලික හේතු මත කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉල්ලීමක් කර ඇති කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට වහාම ලේකම් ධුරයෙන් ඉවත් කොට එම තනතුරට වරාය සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක
පත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දරගේ උවමනාවකට අනුව බව දැන් තහවුරු වෙමින් ඇතැයි 'ලංකා ලීඩ් නිව්ස්' වාර්තා කරයි.  
 
ඊට හේතුව,  අනූෂ පැල්පිට වෙනත් තනතුරකට පත් කිරීමකින් තොරව එසේ විශ්‍රාම යවා ඇත්තේ ඔහු විසින් වාචිකව කරනු ලැබූ ඉල්ලීමකට අනුව වීමයි. 
 
අනූෂ පැල්පිට විසින් වාචිකව  විශ්‍රාම යාමට කරන ලද ඉල්ලීමට අනුව ඔහුව විශ්‍රාම ගන්වා පසුව ඔහු ගෙන් ලිඛිත ඉල්ලීමක් ලබා ගෙන ඇති බව 'ලංකා ලීඩ් නිව්ස්' වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. 
 
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම එම ලේකම්වරයාගේ ප්‍රශ්නයකට වඩා වෙනත් උවමනාවකට අනුව සිදු වූවක් බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී තිබේ. 
 
එප්පාවල පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉවත් කර කෘෂි කර්ම අමාත්‍යාංශය යටතට පත් කිරීම මගින්ද ඒ බව සනාත වන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙමින් පවතී.
 
'ලංකා ලීඩ් නිව්ස්' ආණ්ඩුවට පක්ෂපාති ජාතික සංවිධාන එකමුතුව විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.
 
 
Screenshot 2021 06 19 at 21.38.02
 
 
ආණ්ඩුවට හා විශේෂයෙන් ජනාධිපතිවරයාට පක්ෂපාති 'ලංකා ලීඩ් නිව්ස්' එම පුවත පළකර සිදුකර ඇත්තේ, ජනාධිපතිවරයාට කිසියම්ම හෝ අගතියක් නොවන ආකාරයට බව පැහැදිලිවේ.
 
කෙසේවුවද, 'ද ලීඩර්' වෙත වාර්තාවන පරිදි අධිවේගී මාර්ගයක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමේදී ඊට අදාල තාක්ෂණික ඇගයුම් කමිටුවේ (TEC - Technical Evaluation Committee) ප්‍රධානියා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරයකු වූ අනුෂ පැල්පිට, එම ටෙන්ඩරයේ මිල ගණන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2කින් අඩුකර ගැනීමට සමත්ව තිබේ.
 
මෙයින් කෝපයට පත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනුෂ පැල්පිට බැනවදි තිබුන බව වාර්තාවේ. 
 
එසේම, පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ හා එම අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. 
 
අනතුරුව දෙදෙනාම ඉතාමත් සුහදශීලිව ගැටුම සමතයකට පත්කරගෙන ඇත්තේ, 2005 ජනාධිපතිවරණ සමයේ සිට ඔවුන් දෙදෙනා අතර පැවති දේශපාලනික මැදිහත්වීමද සිහිපත් කරමිනි. අනුෂ පැල්පිට එම වකවානුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යටතේ ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළේය.
 
කෙසේවුවද අනුෂ පැල්පිට අමාත්‍යවරයා පසුගියදා ජනාධිපතිවරයා හමුවී තමන්ට මුහුණදීමට සිදුව බලපෑම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇතිබවත්, එහිදී අධිවේගී ටෙන්ඩර් ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවූ බලපෑම් සම්බන්ධවත් දැනුවත් කර ඇතැයි පැවසේ.
 
ඒ අනුව, තමා බලවත් කම්පනයකින් සිටින බැවින් විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ.
 
එම අවස්ථාවේදී ජනමාධ්‍ය විෂයට අදාල වගකීමක් බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති අනුෂ පැල්පිට, හැකියාවක් වෙතොත් තමන්ට විදෙස් සේවයේ වගකීමක් ලබාදෙන්නැයි සඳහන් කර ඇතැයි ද පැවසේ.
 
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ, ජනාධිපතිවරයා සමග සාකච්ජාවෙන් පැය කිහිපයකට පසු අනුෂ පැල්පිට වෙනුවට කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පත්කර තිබීමයි. 
 
 
 
වරායේ ජෙනරාල් ඉවත්කළ ඇතුලේ ගැටුම ?
 
 
 
 
ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්