ලංකාවේ බැංකු පද්ධතිය බරපතල අවධානමක ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි. 
''මෙහෙම ගියොත් රටටම අබ සරණයි.'' යයි ඔහු කියා සිටියේ අද දිනයේ මාධ්‍ය අමතමිනි. 
 
එහිදී අදාල කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. 
 
''තෙල් මිල වැඩි නොකරන්නේ නම් මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන අවධානමක තිබෙනවා යැයි මහ බැංකුව පැවසූ බව පසුගියදා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා අනාවරණය කළා.  
 
එවැනි දෙයක් සිදුවෙනවා නම් කොහොමද ඒක වෙන්න පුලුවන් ? මෙවැනි දෙයකට ප්‍රධාන හේතුව තමයි රට සතුව ඩොලර් සංචිත නොමැතිවීම. 
 
ඩොලර් නැතිව අත්‍යවශ්‍ය ආනයන වියදම් පවා පියවා ගැනීමට නොහැකි තත්ත්වයකයි රට තියෙන්නේ. රජයේ බිල්පත් වැඩිපුරම පියවන්නේ රාජ්‍ය බැංකු. 
 
මේ සඳහා මෙම බැංකු වලට ඩොලර් අවශ්‍යයයි. 
 
ඩොලර් හිඟය නිසා මෙම රාජ්‍ය  බැංකු මේ වනවිට අන්තර් බැංකු ඩොලර් හුවමාරු කිරීමට පෙළඹී තිබෙනවා. එහිදී, ඩොලර් එකක් ගන්නේ රුපියල් 200 ක් වගේ මිලකට. හැබැයි, අවුරුද්දක් ගියහම මේ ඩොලර් එකක් රුපියල් 182 ක් වගේ මිලකට ආයෙත් ඒ බැංකුවට විකුණන්න මේ වනවිට එකඟ වෙලා තිබෙනවා.
 
මේ යන විදිහට කාටද කියන්න පුලුවන් අවුරුද්දක් යනකොට ඩොලර් එකක් රුපියල් 182 කට අඩුවෙයි කියලා? එවැනි සහතිකයක් දෙන්න අමාරුයි. 
 
මේවා ජනතාවගේ සල්ලි. මේ ගනුදෙනු වලින් අලාභයක් සිදුවුණොත් කවුද ඒ අලාභය දරන්නේ? 
 
මේ නිසයි, අර්ථ ශාස්ත්‍රඥයින් කියන්නේ මේ යන විදිහට යෑම අපේ බැංකු පද්ධතියට අවධානමක් කියලා. මේ නිසා, මේ අවධානමෙන් මිදීමට විසඳුම් සෙවිය යුතුයි. 
 
මේ ඩොලර් හිඟයට විසඳුමක් විදිහට ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට පවා මේ ආණ්ඩුවට අපහසුවී තිබෙනවා. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරයේ තිබෙන විශ්වාසය පළුදුවීම.
 
 මෙහෙම ගියොත් රටටම අබ සරණයි.''
 

 
 

THE LEADER TV 
 
 
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !
 
 
 
 
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්