දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා යැයි පවසමින් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
 
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇත.
 
මෙරට ජනතාව මුහුණ දෙමින් සිටින පීඩිත තත්වයන් හමුවේ තවදුරටත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් සහල් මිළ ඉහළ දැමීමට සහල් නිෂ්පාදනකරුවන් හා වෙළෙඳුන් විසින් කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව වෙළද අමාත්‍යංශය සඳහන් කරයි.
 
අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැංවීම සඳහා වී තොග හා සහල් තොග සඟවා වෙළදපොල තුළ දිගින් දිගටම කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට ඇතැම් සහල් නිෂ්පාදකයින් සහ වෙළදුන් කටයුතු කිරීම මෙම තීරණයට එළඹීමට හේතු වූ බවද වෙළද අමාත්‍යංශය සඳහන් කළේය.
 
දේශීය ගොවියා සහ සහල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සහල් හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පසුගිය කාළ සීමාවේදි රජය කටයුතු කළේය.
 
 
 
 කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය මාස කිහිපයේ දිගින් දිගටම පවසා සිටියේ, රට මේවනවිට සහලින් ස්වයංපෝෂිත බවත් කිසිඳු ලෙසකින් සහල් ආනයනය නොකරන බවත් ය.
 
එහෙත් සහල් නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් මහජනතාවගේ අවශ්‍යතාවයෙන් හා රජයේ ප්‍රතිපත්තියෙන් අනිසි ප්‍රයෝජන ගැනීමේ අරමුණින් සිදු කරන ලද මිළ ඉහළ නැංවීම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඉඩක් නොතබමින්, මෙම සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කරන බව රජය පවසයි.
 WhatsApp Image 2021 06 22 at 9.12.02 AM
 
 
 
මීට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ මෙසේ ආනයනය කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහල්දැයි රජය පැවසිය යුතු බවයි.
 
වස විස නැති ආහාර ජනතාවට සැපයීමට වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනමට හේතුව ලෙස පවසන නිසා ආනයනය කළ යුත්තේ ද වස විස නැති කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන සහල් යයිද ඔහු පැවැසීය.
 
 
##########
 
THE LEADER TV 
 
 
 
 
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 
 
ජෙනරාල් ගෙදර යැව් වරායේ ලේඩි ඩොක්ටර්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්