leader s

 විෂද්‍රව්‍ය මුහුදට මුදාහරිමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ඇවිලුණු නැව නිසා ආපදාවට පත් දිස්ත්‍රික්ක පහක දහස් ගණනකට සහන සැලසීම සඳහා කෝටි ගණනින් මුදල් ආධාර දීමට යුරෝපා සංගමය ඉදිරිපත් වී සිටී. 
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් කැටිති ප්‍රවාහනය කරමින් සිටියදී ලංකාවේ වෙරල තීරයෙන් කිලෝමීටර කිහිපයක් නුදුරින් ගිනිබත් වීම සමගින් සාගර ජලයත් සාමුද්‍රික ජීවීනුත් පත්ව ඇත්තේ මහත් අන්තරායකටය.
 
ලෝකයේ නරකම සාමුද්‍රික ව්‍යසනයක් ලෙස හඳුන්වනු ලබන එම ආපදාවෙන් පීඩාවට පත් කොළඹ, ගාල්ල, කළුතර ගම්පහ පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල පාලොස්දාහක ජනකායකට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 48ක් ඉක්මවන මුදලක් වන යුරෝ දෙලක්ෂයක මුදලක් ලබාදෙනු ඇතැයි යුරෝපා සංගමය දැනුම් දී තිබේ. 
 
“වඩාත්ම පීඩාවට පත්, විශේෂයෙන්ම කුඩා පරිමාන ධීවර ප්‍රජාවන්ට හදිසි සහන සැලසීම සඳහා මුදලින් උපකාර කිරීමට මේ යුරෝපා ආධාර ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට සහාය වනු ඇත,” යි යුරෝපා සංගමයේ කොළඹ දූත මණ්ඩලය ඊයේ නිකුත් කළ නිවේදනයක සඳහන්වේ. 
 
“සිද්ධියෙන් පසු පනවන ලද මුහුදු යාමේ තහනමින් එදිනෙදා ජීවිකාව බලපෑමට ලක්වූ අයගේ හදිසි අවශ්‍යතා පිරිමසා ගැනීමටද මෙය උදව් වනු ඇත. රටේ බටහිර වෙරළ දිගට තිබෙන උපද්‍රවකාරී හා විෂ ද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන්ට සහාය දීම සඳහාද මෙම ආධාර යොමුවනු ඇත. පිරිසිදුකරන කටයුතුවල නිරත ස්වේච්ඡා ක්‍රියාධාරීන්ට අවශ්‍ය පුහුණුවද, පුද්ගලික ආරක්ෂක මෙවලම්, ගොගල්ස් සහ බූට්ස් ද ලබා දෙනු ඇත.”
වඩාත් අනතුරට ලක්වීමේ අවදානමින් යුත්  කාන්තා මූලික පවුල්, ආබාධ සහිත පුද්ගලයන් සහ වියපත් වුවන් කෙරේ විශේෂ අවධානයක් යොමුවනු ඇති බව යුරෝපා සංගමය වැඩිදුරටත් කියා සිටී. 
 
 
 
THE LEADER TV 
 
චීන හමුදා හම්බන්තොට?- ඉන්දිය ඩ්‍රෝන හමුදා වට කරයි ?
 

 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්