leader s

 බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් (Matt Hancock) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 
ඒ, කොවිඩ් වසංගත හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ දැඩි නීති පනවා තිබු පසුබිමක එම නීති උල්ලංඝණය කළ බවට පිළිගනිමින්.
 
බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ඇමතිවරයා සිය කාර්යාලයේ සේවිකාවක් සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ජායාරූපයක් පසුගියදා එරට පළවන "The Sun" පුවත්පත විසින් පළ කර තිබිණ.
 
“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. කොවිඩ් වසංගතයේදී බොහෝසෙයින් කැපවීම් කළ පුද්ගලයින්ට අප ණයගැති. නමුත් ඔවුන් ගේ විශ්වාසය බිඳ වැටෙනවා එය පැනවූ මා විසින්ම නීති උල්ලංඝණය කිරීම නිසා" සිය ඉල්ලා අස්වීමට හේතුව සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය ලිපියේ සඳහන් කර ඇත.
 
ඊයේ දිනයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට භාරදී තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම ලිපිය ලැබීම ගැන තමන් කණගාටු වන බවයි. 
 
එමෙන්ම වසංගතයට එරෙහි සටනේදී ලද සහය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍යය අගමැතිවරයා විසින් මැට් හැන්කොක් වෙත සිය ස්තුතිය පළකර තිබෙන බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ.
 
(නෙත් නිව්ස්)
 
Screenshot 2021 06 27 at 10.03.12
 
THE LEADER TV 
 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
 

 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්