රහස් පොලිසිය විසින් හය මසකට ඉහතදී අත්අඩංගුවට ගත් දෙමළ කාන්තාවක් අධිකරණයට හෝ ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයාට මෙන්ම පොලිස් ප්‍රධානියාට  සිදුව
තිබේ.
 
නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසකට ජුලි 9  වැනිදා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
 
අත්අඩංගුවේ පසුවන තිස් හය වියැති කල්මුණේ කරුපයියා සෙල්වකාන්ති වෙනුවෙන් නීතිඥ එම්. ඒ. මතීෂ් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර ඇත්තේ ජනාධිපති නීතිඥ රාසික් සාරුක් කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවය.
 
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මේ වසරේ ජනවාරි 28 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති එම කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නීතිඥවරු චෝදනා කරති.
 
 
 
ඇය රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා බලය පවරන රැඳවුම් නියෝගයක් හෝ මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති විමර්ශන නිලධාරීන් තංගල්ල ප්‍රදේශයේ පිහිටි රැඳවුම් කඳවුරක රඳවාගෙන සිටින ඇය හමුවී උපදෙස් ලබා ගැනීමට ඇගේ නීතිඥවරුන්ට පවා ඉඩ නොදෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
 
ජනාධිපති නීතිඥ රාසික් සාරුක් වැඩි දුරටත් අධිකරණය හමුවේ අවධාරණය කර ඇත්තේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන චෝදනාව සම්බන්ධයෙන් දැයි දැන ගැනීමට කරුපයියා සෙල්වකාන්තිට මෙන්ම  ඇගේ ඥාතීන්ට ඇති අයිතිය පමණක් නොව නීතිඥවරුන් හමුව ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම පවා අහිමිකර ඇයව  රඳවාගෙන සිටින බවයි.
 
විදේශ රටක රැකියාවක නිරත සිය පෙම්වතා හමුවීමට එරටට යෑම සඳහා අවශ්‍ය  කටයුතු සිදු කරගැනීමට කල්ලඩි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩගුවට ගෙන ඇති බව අධිකරණයට පෙන්වා දී ඇති ජනාධිපති නීතිඥවරයා ඇයව වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත්, එලෙස අත්අඩංගුවේ රඳවාගෙන තැබීම නීතිවිරෝධී බවට නිගමනය කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා හා එහි ස්ථානාධිපතිවරයා නම් කොට ඇත.
 
 
 
##########
THE LEADER TV 
බැසිල් ජාතිකවාදීන් චූන් කරන්න මුස්ලිම් මන්ත්‍රී පන්නයි ද? 
 
 
 
බැසිල් එන්නේ ජනපති - අගමැති ෆේල් නිසා ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්