හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව පැමිණ අමාත්‍ය ධුර බාර ගත් පමණින් විශ්මකර්මයක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එබව සඳහන් කර සිටියේ, මහනුවර පැවති මාධ්‍ය හමුවකදීය. 
 
වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා එහිදී අවදාරණය කර සිටියේය.
 
මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී තවදුරටත් මෙසේද පැවසිය. 
 
 
 
''කවුරුත් විශ්මකර්මයෝ ඇවිල්ලා කරන්න දෙයක් නෑ. බැසිල් රාජපක්ෂ තමයි මේ සන්ධානේ යම් අර්බුදයක් නිර්මාණය කරන්න පදනම් වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු, ඒ වගේම නිලතල ඒ කාරණා, ඒ වගේම පක්ෂය කොන් කිරීමේ කටයුතු ආරම්භ වුනේ ඒ අවස්ථාවලදී.
 
 
 තෙල් මිල අඩු කරයිද ? බඩු මිල අඩු කරයිද ? 
 
 
එතුමා මං හිතන්නේ මේ අර්බුද සහ සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරගන්න. ඇමති මණ්ඩලයට ආවත්, නාවත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මං හිතන්නේ එතුමා හිටියා කියලා එතුමා අතින් වෙච්ච මහා ආශ්චර්යමත් දේවල් පේන්න නෑ. ඒ වගේම එතුමා ඇවිල්ලා මං හිතන්නේ දැන් කිව්වා වගේ තෙල් මිල අඩු කරයිද ? එතකොට බඩු මිල අඩු කරයිද ? අපි බලන් ඉමු. ආශ්චර්යමත් සිදුවීම් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා ද කියලා.
 
ජනතාව විචාරශීලිව බලන් ඉන්නවා මේ දිහා. අපි හිතන් හිටියා මේ ආණ්ඩුවට අපිත් සහයෝගය දීලා මහා විශාල දේවල් කරයි කියලා. අඩු ගානේ පාරදෘශ්‍යභාවයෙන්. මං හිතන්නේ තරුණ පරම්පරාව අතරෙ කලකිරීමක්, ඉච්ඡාභංගත්වයක් වෙහෙසකාරී බවක් ඇති කරලා තියෙනවා.
 
මහමැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පක්ෂය සමඟ වෙනමමත්, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟත් වෙනම ගිවිසුම් ඇති කර ගත්තා. 
 
 
 
GR SLFP
ශ්‍රීලනිපය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම..
 
 
මේ ගිවිසුම්, එකඟතාවයන් කඩා බිඳ දමමින් තමයි ආණ්ඩුව පිහිටුව්වේ. පිහිටුව මුල් අවස්ථාවේදී ම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ වෙච්ච ඇමතිකම් ලබා දීම විවිධ ආණ්ඩුකාර ලබා දීම ජාතික ලැයිස්තුව සම්පූර්ණ ලබා නොදීම. මේ වගේ කෙනෙහෙළිකම්වලින් තමයි ආණ්ඩුව ආරම්භ වුනේ. කෙනෙහිළිකම්වලින් ආරම්භ වෙච්ච ආණ්ඩුව අද වන විට බරපතල අර්බුදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා.
 
මේ වන විට විශේෂයෙන්ම අපේ සහෝදර, සන්ධානයේ ඉන්න සහෝදර සෙසු පක්ෂවල නායකයින්ට විරුද්ධව මත වාදයන් අදහස් ඉදිරිපත් වෙනවා. මේකේ තීරණාත්මක අවස්ථාව තමයි උදය ගම්මන්පිල ඇමතිතුමා වහාම එතනින් ඉවත් කිරීමට තිරණය කර ගනු ලබනවා. මේ සමඟම ඇති වෙලා තියෙනවා ආර්ථික අර්බුදය සමඟ දේශපාලන අර්බුදයක්”
 
 
 
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටු' පක්ෂය යටතේ තරඟ කළ අවස්ථාවේදී ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රීලනිපය විසින් අනුපිලිවෙල අනුව මුලටම නම්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ නම නොසලකා හරිමින් සුරේන් රාඝවන් පත්කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබිණ. 
 
 
 

 
පළමු වෙඩිමුරය දයාසිරිගෙන්...
 
 
 
බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පළමුවරට 
නෝක්කාඩුව පළකර සිටියේ එම පක්ෂයේ මහ ලේකම්වරයායි.
 
හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත්, ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී ජුලි 01දා  මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
 
කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා, බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව එහිදී පැවසිය.
 
වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂත් සිටි ආණ්ඩුවක් තුළ බව ද ඔහු සිහිපත් කළේය.
 
 

 
 
##########
THE LEADER TV 
මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනයට : අර්ජුන් ඇලෝසියස්ට අනුමැතිය ! 
 

කුමාර වෙල්ගම 'අපි ශ්‍රී ලංකා' අරඹයි : සජිත් අවුල් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්