leader s

පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළව පත්කළ සීමා නීර්ණය කමිටුව විසින් සකස් කොට,

පාර්ලිමේන්තුව සම්මත නොකළ වාර්තාව ගැසට් කොට එය නීත්‍යානුකූල බවට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙයි.

පළාත්සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැතිවීම සඳහා සීමා නීර්ණය වාර්තාව ගැසට් කළ යුතු යැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එකඟතාවයක් ඇති කර ගත් බවට පළවී ඇති මාධ්‍ය වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය වික්‍රමරත්න එසේ කීය.

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත අනුව එම සීමා නීර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත් එසේ නොවුණහොත් එය ගැසට් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැති බවත් ආචාර්යවරයා කීය.

ආචාර්ය වික්‍රමරත්න පෙන්වා දෙන්නේ එම වාර්තාව පාර්ලිමේන්තුව ඒකමතිකව ප්‍රතික්ෂේප කළ එකක් බවය. එසේ පාර්ලිමේන්තුව ඒකමතිකව ප්‍රතික්ෂේප කළ වාර්තාවක් ගැසට් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව ඔහු කීය.

එම සීමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළහොත් අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සීමා නීර්ණය වාර්තාව ඇගයීමට ලක්කර වාර්තාවක් ලබා දිය යුතුය.

එහෙත් පත්කළ අගමැතිවරයාගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරේ නැත. ආචාර්ය වික්‍රමරත්න ප්‍රකාශ කළේ එම අගමැතිවරයාගේ කමිටු වාර්තාව ඉදිරිපත් කර තිබුණා නම් එය ගැසට් කිරීමේ බලයක් පමණක් පනත අනුව ජනාධිපතිවරායට ඇති බවයි.

ඡන්දය පැවැත්වීමට තවත් බාධාවක්!

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල පෝරම ගණනාවක් එම පනත සම්මත වූ දිනයේදී පනතට උපලේඛන ලෙස එකතු කර නොමැති නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවත් බාධාවක් ඇති බව ඔහු කීය.

එම පෝරම පසුව පාර්ලිමේන්තුව සම්මත කර ගත යුතු බව එම පනතෙහි සඳහන් බවත්, තවමත් එම පෝරම සම්මත කරගෙන නොමැති බවත් ඔහු කීය.

2017 අංක 17 දරන පනත සම්මත නොවූ ලෙස සලකා පැරණි පනත යටතේ මැතිවරණය පැවැත්විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීම ව්‍යවස්ථානුකූලව සිදු නොවිය හැක්කක් බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වූ පනතක් සම්මත නොවූ ලෙස සැලකිය නොහැකි බව ඔහු කීය.

(අනිද්දා)

සබැඳි පුවත් :

හදිසි පළාත් සභා ඡන්දයක් : ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්