ඉංජිනේරුවෝ ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල මත විරෝධතාවයක.
 
 ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විරෝධතාවක් දියත්කර ඇත.
 
ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල මත නැගී ඔවුන් විසින් සේවක දඩයම නවතා දැමීම ඇතුළු සිය ඉල්ලීම් අවධානයට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදී සිටිති.
 
සේවකයන් නව දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ පරිපාලනය ගෙනයන කම්කරු මර්දනයට එරෙහිව මේ වනවිට සේවකයන් දෙදෙනා ආයතනයේ වහල මත නැගී විරෝධය දක්වමින් සිටින අතර අද පෙරවරු 9.00 වනවිට ඔවුන්ගේ විරෝධතාවයට පැය 24ක් සම්පුර්ණ වේ.
 
 
sec protest
 
මේ අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සඳහා මේ මාසය වෙනුවෙන් වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් මතුව තිබේ.
 
ආයතනයේ සේවකයින්ට මේ මාසයේ සිට වැටුප් ගෙවීමට මුදල් නැතැයි සංස්ථාවේ සභාපතිවරයා පැවසුබව ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව පවසයි.
 
සංස්ථා සභාපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවතී සාකච්ජාවකදීය.
 
පසුගිය මාස දෙකේදී ද සේවක වැටුප් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් ලබාදුන් සහනයක් මතබව පවසා ඇති සභාපතිවරයා, මේ මාසයට වැටුප් සඳහා මුදල් ගෙවීම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වෘත්තීය සමිති නියෝජිතයින්ට පවසා තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මෙසේ පැවසිය.
 
 
 

##########
THE LEADER TV 
 
 
###########
 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම
 
 

 

අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්