leader s

 
ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ.
අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ එක් ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙය බවයි. 
 
අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරිවිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බෞද්ධ විහාරස්ථානයක නායක භික්ෂුවක්, මාලදිවයිනේ හිටපු රාජ්‍ය මුදල් ඇමැතිවරයෙක්, පොලිස් නිළධාරීන් දෙදෙනෙක්, නාවික හමුදාවේ  ලුතිනන් කර්නල් වරයෙක්, පොදුජන පෙරමුණේ උතුරු මැද පළාතේ දේශපාලනඥයෙක්, ගායකයෙක්, බැංකු කළමනාකරුවෙක් ඇතුළු ව්‍යාපාරිකයන් ගණනාවක් මේ අතර වේ.
 
මෙම දැරිවිය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට පිරිමින් අද්දාගත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා වෙබ් අඩවි හිමිකරු ඊයේ දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලෝචනි අබේවික්‍රම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇගේ නියෝගයෙන් ලබන 11 වැනිදා  තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
 
 
 වෙබ් අඩවි තහනම:
 
 
 
රටතුල මෙවැනි අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
 
 අතිරේක මහේස්ත්‍රාත්වරිය විදුලි සංදේශ නියාමන කොමිසමට වැඩිදුරටත් නියෝග කරමින් මෙම අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම් හා ලිංගික අපයෝජන සිදු වන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එම වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
 
  රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස කොන්දේසියක් පනවමින්ය.
 
THE LEADER TV 
 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !
 
 
 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්