කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
 
එම පක්ෂය මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, මුදල් ගෙවීමේ පදනම මත උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇති කිරීම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බවය.
 
එමෙන් ම, ආරක්ෂක අංශවල නීතිරීති හා පාලන ක්‍රම අනුව සාමාන්‍ය සිවිල් ශිෂ්‍යයන් හැසිරවීමට උත්සාහ කිරීම ද මෙරට ව්‍යවස්ථාවට පටහැනි බව ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත. 
 
ඒ අනුව, ශිෂ්‍ය සංගම් සඳහා පවතින ඉඩකඩ ඇහිරීම නීත්‍යානුකූල නොවන බව අවධාරණය කරන ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතේ වගන්ති වෙන වෙන ම විග්‍රහ කිරීමට වඩා එහි සමස්ත බලපෑම ද එයින් බැහැරව ඉදිරියට යාමේ මාවත ද තම පක්ෂය රජයට පෙන්වා දෙන බවය. 
 
 
 6853aabe2464e99f1a5258fbcf18b8eb60618192
 
 
අගමැති, ආණ්ඩුවේ මන්ත්‍රීවරු කැඳවයි 
 
 
 
මේවනවිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත විරෝධය පළකර ඇති තත්වයක් තුල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (02)පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ .
 
මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
 
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය අදහස් කර ඇති අතර ,ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද හෙට (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.
 
 
 
 
 
THE LEADER TV 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image