leader s

මේ වසර අග භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී "ටිකක් මොලේ තියන මනුස්සයෙක්ව" පත්කරගැනීමට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් කටයුතු කළ යුතු බව ප්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණ පවසයි.

"මනුස්සයෙක්ව පත්කරගන්න. ඒ වගේම ටිකක් මොලේ තියන කෙනෙක්ව. මේ දැන් එකක් කියල ඊට පස්සේ පැය භාගෙකින් තව එකක් කියල, මම මට වෙච්ච දේ දන්නෙත් පත්තරෙන් කියන ජාතියේ එවුන්ව පත්කරගන්න එපා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලාල් රෝහණ කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සජීවී සාකච්ඡාවකට එක්වෙමිනි.

"මේ තරම් මීහරක්ද අපේ රටේ ඉන්නේ?," යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ සිනහසෙමිනි.

"ඒ නිසා උත්සාහ කරලා ටිකක් මොලේ ඇති තීරණයක් ගන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නැත්නම් ඔබේ දරුවන්ගෙන් අනාගතය ඉවරයි."

ජයලාල් රෝහණ චන්දන ෆොන්සේකා සමඟ
Jayalal Fonsekaජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ප්‍රථම වරට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින්නේ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් 'සාධනීය චින්තනය' පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වීමේ අරමුණිනි.

ඒ අතරවාරයේ ලන්ඩන් නුවර බීබීසී මූලස්ථානයට පැමිණි ඔහු සාකච්ඡාව ආරම්භයේදීම මාධ්‍යවේදීන්ගේ වගකීම පිළිබඳ ජෝර්ජ් ඕවල් කර තිබෙන සඳහනක් සිහිපත් කළේය.

"ජෝර්ජ් ඕවල් කියල තියෙනවා 'සැබෑ මාධ්‍ය කලාව යනු මිනිසුන් අසන්නට අකමැති දේ කොන්ද කෙලින් තියාගෙන පැවසීමයි' කියල," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී මූලස්ථානය ඉදිරිපස පිහිටි ජෝර්ජ් ඕවල් ප්‍රතිමාව අසල සඳහන් කර තිබුණු ඔහුගේ අදහසක් උපුටා දක්වමිනි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවල හැසිරීම, ටෙලි නාට්‍ය කලාව, ගීත ක්ෂේත්‍රය, ජනතා ආකල්ප, දේශපාලන නායකයන් සහ පවත්නා දේශපාලන තත්වය ඇතුළු බොහෝ කරුණු ගැන ඔහු අදහස් දැක්වීය.

වීඩියෝ 

 

68452099 10156224004122155 581937874987909120 n


සබැඳි පුවත් :
'ගෝඨා, හිට්ලර් කෙනෙක් වෙන්නේ නැහැ' - බැසිල් ගෙන් සහතියක්! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්